පන්සලේ පඬුරු පෙට්ටියේ ඉබ්බා නොකඩා එහි පඬුරු කාලයක් තිස්සේ වාෂ්ප කළ විහාරස්ථ දේවාලයේ කපුවා කපෝති වූ සිද්ධියක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.
ඇල්පිටියේ රජමහා විහාරස්ථානයකි. විහාරස්ථානයේ භාරකාරීත්වය පිරිනැමුණේ කරන්දෙණියේ ස්වාමීන්වහන්සේ නමකට මේ ළඟකදීය. උන්වහන්සේට එහි භාරකාරත්වය නිකායෙන් පිරිනැමුවේ හේතු ගණනාවක් උඩය.
එදා මුළු ගාලු දිසාවේ පමණක් නොව ලංකාවේම නමක් ගෙන තිබියදී වත්මන ගරා වැටෙමින් තිබූ වෙහෙර එදා මෙන් පුබුදුවාලීම එහි ප්‍රධාන අරමුණය.
තමා ගැන නිකාය විශ්වාසයෙන් භාරකාරත්වය ලබාදුන් මේ විහාරස්ථ බිම එදා මෙන් පුබුදුවාලීම එහි ප්‍රධාන අරමුණය.
තමා ගැන නිකාය විශ්වාසයෙන් භාරකාරීත්වය ලබාදුන් මේ විහාරස්ථ බිම එදා මෙන් පිංබිමක් කිරීමට එහි වැඩි උන්වහන්සේට කිසිදු බාහිර අතුරු අන්තරාවක් නොමැතිව විහාරස්ථානයේ පිං කැටයේ තිබූ පඬුරු වාෂ්පවීයාම ගැනද දැනගන්නට ලැබිණි.
පුදුමය කියන්නේ මේ පිං කැටයේ ආරක්ෂාවට දමා තිබූ ඉබ්බා නොකඩා හෝ බාහිරයෙන් පෙනෙන්නට කිසිදු කැඩීමක් බිඳීමක් නොමැතිව පඬුරු වාෂ්ප වීමය. මෙය දැනගත් බොහෝ දායකයෝ පුදුමයට පත්වූහ. එහෙත් භාරකාර හිමියෝ පමණක් මෙයින් පුදුමයට පත් නොවී ඒ සම්බන්ධයෙන් සිටියේ විමසිලිමත්වය.
එසේ සිටි උන්වහන්සේට පන්සලේ පිංකැටේ පඬුරු වාෂ්පව යන ආකාරය අතටම අසුවිය. පිං කැටේ පඬුරු වාෂ්ප කරනුයේ පන්සලේ දේවාලයක කපුවෙකි. ඔහු පිං කැටේ ඉබ්බා නොකඩා ඒ සඳහා අපූරු උපක්‍රමයක් භාවිත කළේය. ඒ පිං කැටේ අඩිය නවා නැවතත් සවි කිරීමට හැකි ආකාරයෙන් ඔහු පිං කැටේ සැකසීමය. පිං කැටේ පඬුරුවලින් පිරුණු විටදී කාටත් හොරෙන් කපුවා එහි පතුල ගලවා පඬුරු සියල්ලම ගෙන යෑම සිදුකර තිබුණි.
මෙයින් පසු මේ දේවාලයේ කපුවාට දේවාලය පමණක් නොව විහාරස්ථානය ද තහනම් ප්‍රදේශයක් කිරීමට විහාර භාරකාර හිමියන් පියවර ගත්තේ එම විහාරස්ථානයේම සුබසිද්ධිය පිණිසය.