(කලවාන උපේන්ද්‍ර ප‍්‍රියංකර ජාතුංගම)
ඉතා අමාරුවෙන් නගරයේ සිඟමන් යැදි පුද්ගලයකු හවස බස් රථය අල්ලන්න දිවගිය පුවතක් නගරාසන්න ප‍්‍රදේශයකින් වාර්තා වේ.
සිදුවීම මෙසේය.
ඔහු උදෑසන සිට හවස්වන තෙක් නගරයට පැමිණෙන ජනතාවගෙන් හිඟමන් යැද ඇත්තේ තම දෙපා පණ නැති බව පවසමින්ය. කිහිළිකරු දෙකකින් ඉතා අමාරුවෙන් බස්රථවලට ගොඩ වෙමින් තම දෙපා වාරු නොමැතිකම නිසා රැකියාවක් කිරීමට නොහැකි බවත් ඒ හෙයින් තමන්ට කුසට ආහාරයක් ලබා ගැනීමට මුදලක් ලබා දෙන ලෙසත් ඉල්ලා තිබේ.
අනුකම්පා සහගත ජනතාව මොහු වෙත මිල මුදල් මෙන්ම ආහාර පාන ද පරිත්‍යාග කර තිබේ. සිඟමන් යැදීම හවස්වන විට අවසන් වී ඇති අතර ඔහු යාමට නියමිත අවසන් බස් රථය ද නික්ම ගොස් තිබුණේ පොදු වැසිකිළිය පිටුපස අඩියක් ගැසීමට ගොස් සිටි අතරය. ත‍්‍රිරෝද රථයක් ගෙන බස් රථය පසුපස හඹාගිය ඔහු බස් රථයට පිටුපසින් ත‍්‍රිරෝද රිය නවතා මුදල් ගෙවා බස් රථය පිටත්වනු දුටුවනම කිහිළිකරු දෙක අතට ගෙන දිවගොස් බස් රථයේ එල්ලී තිබුණේ ත‍්‍රිරෝද රථ රියැදුරු ද අන්ද මන්ද කරමිනි.

