විවාහයෙන් පසුව එළඹුණු සැමියාගේ පළමු උපන් දිනයදා ඔහු පුදුමයට පත්කිරීමට ගිය බිරියටත්, ඇය පුදුම කිරීමට ගිය සැමියාටත් ඔවුන් දෙපළගේම ඥාතීන්ටත් පුදුම වීමට සිදුවූ බව කියවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔවුන් අලුත විවාපත් යුවළකි.
සැමියා අගනුවර ප්‍රදේශයේ ආයතනයක සේවය කළ අතර ඇය අගනුවරින් කිලෝමීටර් 250 ක් පමණ දුරින් පිහිටි බදුල්ල ප්‍රදේශයේ ආයතනයක සේවය කළාය.
විවාහයෙන් පසුව එළඹුණු සැමියාගේ පළමු උපන් දිනය බැවින් ඔහු පුදුමයට පත් කිරීමට සිතූ ඇය සැමියාට ද නොදන්වා තෑගි බෝග ද පොදි බැඳගෙන උපන්දිනයට පෙරදින රාත්‍රී අගනුවර බලා දිවෙන බසයකින් සැමියාගේ නවාතැන වෙත පැමිණියේ ඔහු පුදුමයට පත් කිරීමේ අටියෙනි.
මේ අතර ඔහු ද තෑගි බෝග පොදි බැඳගෙන එදිනම රාත්‍රියේ ඇයට නොදන්වා බදුල්ල ප්‍රදේශයේ පිහිටි සිය බිරියගේ නිවස බලා පිටත් වූයේ තම උපන්දිනය දා තම බිරිය පුදුමයට පත් කිරීමේ අටියෙනි.
කෙසේ වෙතත් උපන් දිනය දා උදෑසන වන විට සිය ගමනාන්ත වෙත පැමිණ සිටි බිරියගේත් සැමියාගේත් මුහුණු මැළවී ගියේ එක්නෙකා පුදුම කරවන්නට ගොස් බොහෝ කලෙකින් එකිනෙකා දැක ගන්නට පෙරුම්පිරූ දෙදෙනාටම එම අවස්ථාව අහිමිවීම නිසාවෙනි.
අවසානයේ දී ඔවුන්ගේ මෙම ක්‍රියාවෙන් ඔවුන් දෙපළ පමණක් නොව ඔවුන්ගේ මවුපියන් ඇතුළු ඥාතීන් ද පුදුමයට පත්ව සිටි අතර උපන් දිනයදා එකනෙකාට උදෑසන ආහාරය පමණක් නොව දිවා හා රාත්‍රි ආහාරය ද වෙළෙඳසැල්වලින් මිලදීගෙන භුක්ති විඳින්නට සිදුවිය.
වියලුව වාර්තාකරු