දුවට පෙම්වතා එක්ක පැන යන්න අම්මා බත් මුල් දෙකක් බැඳ දීලා


මහරෑ තම පෙම්වතා සමඟ පැනගිය දියණියකට බත් මුල් බැඳ දුන් මවක පිළිබඳ මේ අපූරු පුවත පසුගියදා ආරංචි වූයේ දකුණු පළාතේ හිනිදුම පැත්තෙනි.


අගනුවර ප්‍රදේශයේ තරුණයකු සමඟ මුහුණු පොතේ සබඳතාවකින් පෙමින් වෙලී ගිය ඇය පෞද්ගලික ආයතනයක සේවිකාවකි. මේ සබඳතාව නිසාම පෙම්වතා දින කීපයක්ම ඇයගේ නිවසට ඒමට කතා කළත් ඇය ඊට දැඩිව විරෝධය පෑවේ මවුපියන් ඊට දැඩි විරෝධතාවක් ඇති බව පවසමිනි. එහෙත් ඇත්තම කතාව වූයේ ඇය ඉතා දුගී පවුලක සාමාජිකාවකවීමය.


පසුගියදා ඔහු ඇයට කීවේ ගෙදරට හොරෙන් පැන යමු කියාය. එහිදී විමතියට පත් බවක් පෙන්වූ ඇය පසුව එසේ යාමට  එකඟ වී සැලසුම සකස් කළාය.


පසුගියදා රාත්‍රියක යහළුවකුගේ ත්‍රිරෝද රථය මංගල ගමනට යොදාගත් පෙම්වතා තම පෙම්වතිය සමඟ අගනුවරට ගියේ කාටත් හොර රහසේය.


පෙර දින හරියටම කෑමක් නැතිව සිටි ඔහු කෑමට යමක් ගෙන ඒමට සිතා හෝටලයකට යාමට සූදානම් වූ විට “‘‘ඕන නෑ අම්මා අපිට බත් මුල් දෙකක් බැඳලා දුන්නා’’ ඇය කීවෙන් පෙම්වතාගේ සිත පිනා ගියේලු.

තිහගොඩ උපසේන ලියනගම