දුවට නම දාන්න අම්මයි තාත්තයි කුසපත් ඇදලා


අලූත උපන් තම කුළුඳුල් දියණියට නමක් තැබීමට ගිය පියකුට මව්පිය දෙපාර්ශවයේ තරගය නිසා නම් අතරින් එකක් තෝරා ගැනීමට කුසපත් ඇදීමට සිදුවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අන්නාසිවලට වඩාත් ප‍්‍රකට ප‍්‍රදේශයකිනි.

මෙම කුළුඳුල් දියණිය ලැබීම නිසා පිය පාර්ශවයේ අයට මෙන්ම මව් පාර්ශවයේ අයට ද තිබුණේ විශාල සතුටකි.

ඇයගේ නමට හිමි අක්‍ෂර මාලාව දැනගත් පසු මේ දෙපාර්ශවයම තරගයට මෙන් නම් සෙවීමට පටන් ගත් අතර ඒ ඒ පාර්ශව සෙවූ නම් වඩාත් සුදුසු බව එකිනෙකා කීම නිසා කුළුදුල් දරුවාගේ පියාට උචිත නමක් තැබීම ගැටලූවක් විය. කාගේත් ඉල්ලීම ඉටු කළ යුතු නිසා දෙපිරිසේම නාම ලේඛන තුණ්ඩුවල ලියූ ඔහු කුසපත් ඇදීමකින් දරුවාට නම් තැබීමට එකඟතාව ගත්තේය. පිය පාර්ශවයේ නමක් තේරුණි.

දරුවාට ඒ නම තැබුවත් දැන් මේ පිළිබඳව මව් පාර්ශවය කුණු කුණු ගානවාලූ.