දුව රට ගිහින් එවපු තෑගි මල්ල දැක මවට තරු පෙනිලා


අරාබි රටට ගිය ඥාති දියණියක් එවන ලද ත්‍යාග පාර්සලය ලබාගැනීම සඳහා ලොරියක් අරගෙන කොළඹ ගිහින් බලනවිට එවා ඇත්තේ හාල්, රට ඉඳි, සුදුලූනු බව දැනගෙන මවට දෙවියන් සිහිවූ සත්‍ය සිදුවීමක් වාර්තාවෙයි.

තම දියණිය පිටරට ගොස් වසරක් ගතවී තිබිණි. ඇය නිතර මවටත්, පියාටත් දුරකතනයෙන් කථා කළාය. මෙවර නත්තල ළඟ නිසා තමා විශාල බඩු පාර්සලයක් එවූ බවත් අදාළ ස්ථානයට ගොස් ඒ ත්‍යාග බඩු ලබාගන්නා ලෙසත් දුව මවට දැනුම් දුන්නාය.

උද්දාමයට පත් මව අසල්වැසි තරුණයන් කැඳවා තමාගේ රට සිටින දියණිය එවන ලද ත්‍යාග හා බඩු ගෙන ඒමට ලොරියක් අවශ්‍ය බව පැවැසුවාය. නියමිත ලිපිය හා අවශ්‍ය ලියකියවිලි රැුගෙන පියත් මවත් අසල්වැසියනුත් සමග එම බඩු ලබාගන්නා ආයතනය වෙත ගියේ සතුටිනි.

ආයතනයෙන් ලබාදුන් බඩු කිලෝ ගණනාවක පෙට්ටි 3x4ක් දැකීමෙන් සතුටට පත් තරුණ පිරිස ”බරටම තෑගි එවලා” පවසමින් ලොරි රථයට පටවන්නට වූහ. ”මහත්තයලා දුර ඉඳලද.

බඩු පෙට්ටි දෙකක්ම නරක්වෙලා වගේ හරිම දුගඳයි” පාර්සල් භාරදුන් ආයතනයේ නිලධාරියා පැවැසීය. මවුපියන්ගේ ඉල්ලීම මත තරුණ පිරිස ද ගමන අතරමගදී පෙට්ටි දිගහැර පරීක්ෂා කළහ. නරක් වී කළු වී ගිය සුදුලූනු, රටඉඳි සහ කීරි සම්බා එහි විය. ලොරි ගාස්තුවම 10,000ක්. මවට දෙවියන් සිහි විය.