(හාරිස්පත්තුව මොහොමඩ් ආසික්)
තරුණ යුවළක් හදිසි ගමනක් යන්න හිටියා. ඔවුන්ගේම ත්‍රිරෝද රථයෙන් යමින් සිටි ඔවුන්ගේ කතාබහ මාතෘකාව ඉහළ ගොස් ඇති බඩු මිල ගැනය.
‘‘බලන්න ඉස්සර අපිට මේ කිලෝමීටර් හත-අට යන්න කීය ද? වියදම් වුණේ. අද කීයක් ඕන ද මහත්තයා කීවේ හූල්ලමිනි.
‘‘ බලන්නකෝ සීනිවල ගණන්. 160ක් 170ක් වෙනවා. බබාලට උදේට තේ එක දෙන්න ඕනෑ නිසා ඊයෙත් සීනි කිලෝවක් ගේනවා. නැත්නම් සීනි ගේන්නේ නෑ. කාට ද අප්පා ඔය ගණන්වලට සීනි ගන්න පුළුවන්’’ නෝනගේ මැසිවිල්ල එයයි.
‘‘මෙහෙමනේ ටවුමේ ඉඳලා අපේ ගමට කිලෝමීටර් හත අටක් තියෙනවානේ. ගමට සීනි ගේනකොට ට්‍රාන්ස්පෝට් එකට වැඩි ගානක් වැය කරනවා. ඒකයි ඕවට හේතුව. ගමේ කඩේට වඩා ටවුමේ කඩවල මිල අඩුයි. මහත්තයා තමන්ගේ ආර්ථික විද්‍යා දැනුම විදහා පෑවේ එසේය.
කතාවෙන් කතාවෙන් ඔවුහු නගරයට කිට්ටු වෙමින් සිටියහ.
‘‘නවත්තන්න! නවත්තන්න’’ නෝනා එක්වරම කෑ ගැසුවාය.
මහත්තයා ත්‍රිරෝද රිය නතර කළේය.
‘‘ඇයි කෑ ගැහැව්වේ? මොකක් හරි වැටුණා ද’’ මහත්තයා විමසුවේය.
‘වැටුණා නෙවෙයි, බලන්න අර බෝඩ් එක පසුකර පැමිණි කඩයක ඇති බෝඩ් එක ඇය පෙන්නුවාය.
ඔවුන් සිටි තැනට ‘බෝඩ්’ එක පෙනුණේ ‘‘සීනි - 100යි’’ යනුවෙනි.
‘දැක්කනේ දැක්කනේ මම කිව්ව දේ හරිනේ. ගමට වඩා ටවුමේ බඩු ලාබයි’ මහත්තයා කිව්වේ උජාරුවෙනි.
‘‘සීනි කිලෝ දෙක තුනක්වත් අරගෙන යන්න ලාබයිනේ.’’ නෝනා කීවාය.
ත්‍රිරෝද රිය හැරවිණි. කඩය ළඟට ගිය යුවළට තරු විසිවිය. ඒ බෝඩ් එක දැමීමෙන් එහි තිබුණේ සීනි කෙසෙල් කිලෝවක් 100යි.
යනුවෙනි. එහි ‘කෙසෙල්’ ලියා තිබුණේ ඉතා කුඩා අකුරෙනි. ඈතට පෙනෙන්නේ ‘‘සීනි - 100’’ යනුවෙනි.
මදෑ ලාබෙට සීනි ගන්න ගිහින් වෙච්ච වැඩේ නෝනා කීවාය.
‘‘මම මේ කල්පනා කළේ මුදලාලිගේ මොළේ ගැන’’මහත්තයා කීවේ ලජ්ජාව මැඩ ගෙනය.