අවුරුදු 16 මාස 08 තරුණියක රවටා අවුරුදු එක හමාරක කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය 19 හැවිරිදි තරුණයකු මාස එක හමාරක් පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධයකින් හඳුනාගත් 19 හැවිරිදි තරුණියක් සමග පලා ගොස් දීග කෑමේ පුවතක් කොට්ටාව පොලිසියෙන් වාර්තා වේ.
සිද්ධිය සැකවින් මෙසේය. කොට්ටාව ප්‍රදේශයේ වෙළෙඳාමක් කළ 19 හැවිරිදි තරුණයා ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක සමග ප්‍රේමසබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇත්තේ දෙපාර්ශ්වයේම කැමැත්ත ඇතිවය. තරුණියට වයස 18 සම්පූර්ණ වූ විගස විවාහ ගිවිස ගන්නා බව පවසමින් පෙම් වතියගේ නිවසට නිතර යමින් එමින් සිට ඇති තරුණයා එම නිවෙසට යාබදව පිහිටි ආයතනයක සේවය කළ 19 හැවිරිදි තරුණියක් සමගද පෙම් සබඳතාවක් ඇතිකරගෙන ඇත. එයට මාස එක හමාරකි.
මේ අතර ඉකුත් දිනෙක මේ තරුණයා මුල් පෙම්වතියට නිවෙසට යාබද ස්ථානයකට පැමිණෙන ලෙස දන්වා ඇය සමග මුල් වරට අඹු සැමියන් ලෙස ගත කළ බවද පොලිස් පොතේ සඳහන්ව ඇත.
ඉන් දින කීපයකට පසු දිනෙක මේ තරුණයා නව පෙම්වතිය රැගෙන තම ගම් ප්‍රදේශයේ නිවෙසට ගොස් ඇත. මේ බව දැනගත් මුල් පෙම්වතිය සහ ඥාතීන් තරුණයා සොයා ඔහුගේ නිවෙසට ගොස් කතා බහ කොට ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකි වූ තැන එම ප්‍රදේශයේ පොලිසිය මාර්ගයෙන් ඔවුන් කොට්ටාව පොලිසියට ගෙන්වාගෙන ඇත.
එහිදී කතාන්තරයේ සුලමුල අනාවරණය කර ගැනීමට හැකිවිය.
ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කරගත් කරුණු අනුව පාර්ශ්ව තුනටම සාධාරණය ඉටු කිරීමට පොලිසියට නොහැකි විය.
ඒ සඳහා අධිකරණයේ පිහිට පැතීමට සැමට සිදුවිය.
(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

