දවස් පහක ගමනක් යන්න බිරිය උකුලේ තියාගෙන


(තිහගොඩ - උපසේන ලියනගම)
ඔහු ඇඹිලිපිටිය පැත්තේ ගොවිතැන් කටයුතුවල යෙදුණු මහත දෙහෙත අයෙකි. අවුරුදු එකොළහක් වූ දුව ද ඔහු මෙන් උස මහත දැරියකි. එහෙත් බිරිඳ ඉතා කුඩාය.


ගමේ ස්වේච්ඡා සංවිධානයක් මගින් දින පහක වන්දනා ගමනක් සූදානම් කොට තිබූ අතර, මේ පවුලේ තිදෙනා ද ඒ සඳහා සූදානම්ව මුදල් ද ගෙවූහ.


ගමන යන දිනයේ සංවිධායකට ගැටලුවක් වූයේ මේ උස මහත දැරිය සඳහා භාග ටිකට් පතක් ගැනීමයි.


“මෙයා ලොකුවට පෙනුණාට වයස එකොළහයි” පියා කීවත් සංවිධායක පිළිගත්තේ නැත. “ටිකට් බාගයක් නෙමේ නිකම්ම එක්ක යන්නම්, දරුවා උකුළට ගන්නවනං” ඔහු කීය.


මොහොතක් සිතූ පියා “හරි මෙයාට සම්පූර්ණ ටිකට් එක හිලව් කරලා, මං පවුල උකුලේ තියාගන්නන්” කියා බිරිඳ උකුලට ගැනීමට ඔහු සූදානම් වූයෙන් සංවිධායකට තරු පෙනිණ. මොහොතකින් දරුවාගේ බාග ටිකට් එක පිළිගැනීමට සංවිධායක තීරණය කළාලු.