ඒ දිනට පෙරදා සිට පසුදා පහන් වනතුරු ඔහුට නින්ද නොගියේය. පසුදා ඔහුට තම පෞද්ගලික අවශ්‍යතාවක් ඉටු කර ගැනීම සඳහා ඇමැතිවරයකුගේ නිෙවසට යන්නට වූ වුවමනාව තිබුණ ද ඔහුගේ කාරයේ යෑම නොකළයුතු යැයි ඔහු තීරණය කළේ අධික නිදිමත නිසා අතරමගදී දැස් පියවේවි යන බිය නිසාය. කොරෝනා නිසා බස් රථයක යෑමද අනතුරුදායක විය හැකි යැයි ඔහු සිතූ නිසා කල්පනා කරමින් සිටියේය.
නිතරම පාහේ ඔහුගේ නිෙවසට ගොඩවදින තම මිතුරාට සිය අවශ්‍යතාව පැවසූ විට ඔහුගෙන් ලැබුණේ සුබවාදී පිළිතුරකි. “මචං මමත් යනවා ඇමැතිතුමාගේ ගෙදර. උඹටත් මා එක්කම මාගේ කාර් එකේම යන්න පුළුවන්.” යනුවෙන් කී විට ලද අවස්ථාවෙන් ඔහු උපරිම ඵල නෙලාගැනීමට සිතා ගත්තේය.
දෙදෙනාම එකම කාරයේ ඇමැතිතුමා මුණගැසීමෙන් අනතුරුව ඔහු මිතුරාගෙන් “මචං උඹ දැන්ම ආපහු යනවා ද” යි ඇසූවිට, “නැනැ මම මේ ගමන්ම කොළඹ ගිහිල්ලා හවස් වෙයි ගෙදර යනකොට.” යි කීය.
එම පිළිතුරෙන් බලාපොරොත්තු සුන්වූ ඔහු බස් රථයකින් ආපසු ගෙදර යෑමට තීරණය කළේ අන් විසඳුමක් නොතිබුණු නිසාය. ඇමැතිතුමාගේ නිෙවසේ සිට ඔහු පන්නිපිටියට බස් රථයකින් යෑම සඳහා හයිලෙවල් පාරට හැරී කොළඹ යන කාරයෙන් බස්සවා ගත්තේය.
වේලාව උදේ දහයට පමණ විය. ඔහුට ආහාර ගැනීමට නොහැකි වූ නිසා කුසගින්නක් සහ අධික නිදිමතක් තිබුණි. මොකක්ද තව විනාඩි පහළොවක් විස්සක් යනකොට තමාට ගෙදර යාමට හැකිවේවි යැයි සිතුවේය. කෙළින්ම පන්නිපිටියට යෑම සඳහා ඔහු ඒ අවස්ථාවේ පැමිණි අවිස්සාවේල්ල බසයකට නැගී අසුන් ගත්තේය. ඔහුට ඇහැ ඇරුණේ අවිස්සාවේල්ලේදී ය. ඒ පන්නිපිටිය පසුවී කි.මී. විසිපහක් තිහක් දුරිනි. ඉතා කේන්තියෙන් ආපසු පිටකොටුවට යන බස් රථයකට නැගි ගත් ඔහු පන්නිපිටියට ටිකට්පතක් ගෙන අසුන් ගත්තේය.
ඊළඟට ඔහුට ඇහැ ඇරී බලන විට ඔහුට ඔහුගේ දකුණ පැත්තේ ඇති විශාල නාමපුවරුවක් වන කොටුවේ දුම්රිය ස්ථානය යන්න දිස්විය. තමා කොළඹ කොටුවට පැමිණ ඇති බව ඔහුට වැටහිණ. නැවත කොට්ටාව බස් රථයක නැග ඔහු ඉතා අපහසුවෙන් පන්නිපිටියෙන් බැස ඔහුගේ නිවසට පයින්ම ගෑටුවේය. වේලාව පස්වරු එකට පමණ විය.
(පන්නිපිටියේ ෂර්ලි ජයසිංහ)