(අකිල බද්දේවිතාන)
තමන්ට ගුවන් විදුලි නාලිකාවකින් ත්‍යාගයක් ලැබුණු බවට වූ ව්‍යාජ ඇමතුමක් හේතුවෙන් එක දිගට පැය 24ක් ගුවන් විදුලිය ශ‍්‍රවණය කළ තරුණියක් සම්බන්ධ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
ඇය දකුණු පළාතේ යුවතියක වුවද සිය උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කොළඹට පැමිණ සිටියාය. අදාළ තරුණිය සිය නවාතැන්පොළේ සිටියදී බොහෝ වේලාවට ගුවන් විදුලියට සවන් දුන්න ද එයට එතරම් ඇබ්බැහි වී සිටියේ නැත.
ඇගේම හිතවතකු දිනක් ඇගේ ජංගම දුරකතනයට වෙනත් දුරකතන අංකයකින් ඇමතුමක් ලබාදී ඇයට විහිළුවක් කිරීමට සිතුවේය. ඒ අනුව ඇයට එක්තරා ගුවන් විදුලි නාලිකාවකින් ආමන්ත‍්‍රණය කරන ආකාරයට දුරකතන ඇමතුමක් දුන් හිතවතා ඇයට අදාළ ගුවන්විදුලි නාලිකාවෙන් විශාල මුදල් ත්‍යාගයක් හිමිවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි පැය 24 ඇතුළත ඇගේ නම ද සඳහන් කරමින් ගුවන් විදුලියේ ප‍්‍රචාරය වන බව දන්වා සිටියේය.
මේ ඇමතුමෙන් ඉතාමත් ප‍්‍රීතියට පත්වූ තරුණිය වහාම ගුවන් විදුලිය කි‍්‍රයාත්මක කර අදාළ නාලිකාවට සුසර කළාය. මෙම සතුටුදායක පුවත සිය නවාතැන්පොළේ සිටි යෙහෙළියන්ට ද දැනුම් දුන් ඇය පැය කිහිපයක් ගුවන් විදුලිය ළඟටම වී ශ‍්‍රවණය කරමින් සිටියාය. එසේ පැය කිහිපයක් ගතවූ විට එක් යෙහෙළියක ඇයට කියා සිටියේ මෙය ව්‍යාජ පණිවිඩයක් විය හැකි බවත් මෙසේ ගුවන් විදුලියට සවන් දෙමින් කාලය කා දැමීම ඵලක් නැති ක‍්‍රියාවක් බවත්ය.
එහෙත් තරුණියට මේ පිළිබඳ සිතීමට වුවමනාවක් නොවූ අතර ඇය එක දිගටම ගුවන් විදුලියට සවන් දෙමින් සිටියාය. ඇගේ යෙහෙළියන් නින්දට ගිය ද ඇය පසුදා වනතුරුම අඩ නින්දේ ද ගුවන් විදුලියට සවන් දෙමින් සිටියාය. ඒ අතරතුර ඇයට අනෙකුත් දෛනික කටයුතු ද අතපසු වී තිබිණි.
පැය 24ක් ඉක්මවූ පසු ඇයට මේ පිළිබඳ සැක සිතී යෙහෙළියන් සමග සාකච්ඡා කර අදාළ ඇමතුම පැමිණි අංකයට ආපසු ඇමතුමක් ගැනීමට උත්සාහ දැරුව ද එය විසන්ධිවී තිබිණි. ඒ අනුව කාට කාටත් කාරණය වැටහිණි. ඇය රැවටීමට සිතා කවුරුන් හෝ අදාළ දුරකතන ඇමතුම දී ඇති බව තහවුරු වීම නිසා තරුණිය බොහෝ සේ ලජ්ජාවට පත්වූ අතර ඉන්පසු ගුවන් විදුලියට සවන්දීම ද ඇය ඇත්හැර දැමුවාය.

