බස්නාහිර පළාතේ උප නගරයක් ආශ‍්‍රිත ප‍්‍රධානපෙළේ පාසලකි. සිසුන් සඳහා සාමාන්‍ය පෙළ විභාග අයැදුම්පත් බෙදා දෙන දිනයේ දීර්ඝ නොපැමිධෑමක් ඇති සිසුන්ට මව හෝ පියා කැඳවාගෙන එන ලෙසට දැනුම් දී තිබිණි.
එක් තරුණ පියකු පුතා සමඟ එහි පැමිණ පුතා අසනීපයෙන් සිටි බව පැවසුවේ කඳුළු සලමිනි. සිසුවාට අයැදුම්පත ලැබිණි. මොහොතකින් එහි දිව ආ පන්ති භාර ගුරුවරයා ‘‘සර්, අරයා එක්ක ආවෙ තාත්ත නෙමෙයි ටවුමෙ ත‍්‍රීවීල්කාරයෙක්. අන්න ගේට්ටුව ගාව ගනුදෙනුව බේරගන්න බැරුව රණ්ඩු වෙනවා’’ කීවේය.
විදුහල්පතිට හිනා ගියේය. ‘‘කමක් නෑ. මේව කොහොමටවත් නොදී බැහැනේ. අපිත් රැුවටුණු විදියට ඉඳිමු’’. විදුහල්පති පවසන විටම එතැනට දිව ආ එම පාසල් සිසුවා ඉරී පොඩිවී ගිය සුදු කමිසය ද පෙන්වමින් ‘‘සර් මට මිනිහෙක් ගේට්ටුව ළඟදි ගැහුවා’’යි පන්ති භාර ගුරුවරයාට කිවේ අඬමිනි.
එය අසා සිටි විදුහල්පතිවරයා ‘‘කමක් නෑ. ඒ තමුන්ගේ අනියම් තාත්තනෙ’’ කී විට සිසුවා පන්ති බාර ගුරුවරයා දෙස හොරැුහින් බලා ඉවතට ගියේ පොඩි වී ගිය කමිසය සකස් කර ගනිමින්ලූ.

