අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍යම පළාතෙන් වාර්තා වෙයි.
සිද්ධිය වාර්තාවන අන්දමට මෙසේය.
සිද්ධිය වූ දිනයේ සවස් කාලයේ තම අනියම් බිරිය කාර්යාල වේලාවෙන් පසු හමුවී නැවත නිවෙසට යාමට පෙර තරමක් මධුවිත තොල ගෑ ඔහු ගෙදරට ගොස් බිරිය නිදාගත් පසු නිවෙසේ එළියේ ආලින්දයට ගොස් අනියම් බිරිය සමග ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටින අතරතුර ජංගම දුරකතනය තම බඩ උඩ තබාගෙනම නින්ද ගොස් තිබුණේ මදු විත මත වැඩි වී තිබූ බැවිනි.
රාත්‍රී කාලයේ නින්දෙන් අවදි වූ බිරිය තම සැමියා කාමරයේ නොමැති බව දැක මේ පිළිබඳ සොයා බැලීමේ දී කිසිදා නොමැතිව තම ජංගම දුරකතනයත් බඩ උඩ තබාගෙන නිදාගෙන සිටින අයුරු දැක තිබේ.
බිරිය සැමියා ළඟට ගොස් ජංගම දුරකතනය ගෙන පරීක්ෂා කිරීමේ දී ජංගම දුරකතනයට නොනැවතී කෙටි පණිවිඩ එන අයුරු දැක තිබේ. ජංගම දුරකතනයට එන කෙටි පණිවිඩ කිසියම් කාන්තාවකගෙන් බව දැනගත් බිරිය ඊට ඔහු ප්‍රතිචාර දක්වන ආකාරයට කෙටි පණිවිඩ යවමින් ඔවුන් කළ කී දේ පිළිබඳව සියලු දේ දැන ගැනීමට ඇයට හැකිව ඇත. ජංගම දුරකතනයේ ඇති සියලු කෙටි පණිවිඩ තම ජංගම දුරකතනයට පිටපත් කරගත් ඇය පසුදින මළ ජංජාලයක් නැටුවා කියා ආරංචිය.
මහනුවර ෂේන් සෙනෙවිරත්න