තරුණියගේ ගෙල බැඳි මාලය කියා සුරය කඩාගෙන


කරේ පැළඳ තිබූ යන්තරයේ බලයෙන් රුපියල් ලක්‍ෂයක් පමණ වටිනා රත්තරන් මාලය බේරුණු පුවතක් නගරයට ආසන්න ගමකින් වාර්තා වේ.

සිද්ධිය මෙසේය. තරුණියක් තම මව සමග මාර්ගයේ ගමන් කරමින් සිටිය දී පිටුපසින් පැමිණි යතුරුපැදියේ සිටි තරුණයකු එක්වරම තරුණියගේ කරේ තිබූ මාලය කඩාගැනීමට උත්සාහ දරා ඇත.

හදිසියේම මාලය කඩාගැනීමට උත්සාහ දැරූ ඔහුගේ අතට අසුවී ඇත්තේ කහ පැහැති නූලකින් කරට දමා තිබූ යන්තරය සහිත සුරය පමණි. තරුණියගේ සහ මවගේ කෑගැසීම නිසා එහි අහළ පහළ අය වටවන විට යතුරුපැදිකරුවන් දෙදෙනා පළාගොස් තිබේ.

කරේ තිබූ රුපියල් ලක්ෂයක් පමණ වටිනා මාලය වෙනුවට ඔවුන්ට ගෙන යා හැකිවී ඇත්තේ කහ පැහැති නූල සහිත යන්තරය අඩංගු සුරය පමණි. අසල වෙළෙඳසලක කැමරාවේ යතුරුපැදිකරුවන්ගේ තොරතුරු සටහන් වී ඇති බවද කියති. (බලන්ගොඩ නන්දසේන පිනිදියආරච්චි*