තරුණියගේ ආදරය ඉල්ලා බසයට නැගුණු අනංගයාගේ කලිසම ගැලවිලා


තරුණියකගේ ආදරය ඉල්ලා බසයේ පා පුවරුවේ ගොස් කලිසම ගලවා ගත් පෙම්වතකු පිළිබඳව මොරපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධිය මෙසේය.

මොහු දිනපතා ඇය පන්ති යන අතරතුර බසයේ පා පුවරුවේ සිට ඇය දෙස බලමින් ගොස් භාෂාවෙන් යම් යම් දේවල් පවසමින් යාම පුරුද්දක් කරගෙන තිබුණි.

එහෙත් ඇය මොහුට අකමැති වූයේ මොහු ඇයට මෙන් දෙගුණයක් වයසින් වැඩි නිසාය. එහෙත් පසුබට නොවූ මෙම පුද්ගලයා දිනපතාම මෙම කි‍්‍රියාව සිදු කරගෙන ගියේය. අකමැත්තෙන් වුවද මෙම සියල්ල ඇයට විඳදරා ගැනීමට සිදුව තිබුණි. සිද්ධිය වූ දිනයේද මෙම පුද්ගලයා ඉනගාවට එල්ලූණු අලූත් තාලේ කලිසමක් ඇද ගෙන බසයේ පා පුවරුවට ගොඩ වී තම සුපුරුදු ක‍්‍රියාව පටන් ගෙන තිබේ. කලිසම ඔහුගේ ඉනෙහි රැුදී තිබුණේ යාන්තමිනි.

ටික දුරක් යාමේදි බසය වයසක කාන්තාවකට බැසීමට නතර කළ අතර බසයෙන් බැසීමේදී මෙම කාන්තාවගේ සාරි පොට පැටළී මෙම පුද්ගලයාගේ කලිසමේ කොනකින් අල්ලාගෙන ඇත. බුරුලට තිබූ කළිසමත් සමඟ කාන්තාව බිම වැටුණු අතර බසයේ පිරිසගේ හූ හඬ මැද්දේ අනංගයා කඩයකට පැන බසය යන තුරු සැඟවී සිට ඇත.