හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
බස් රථයක ගමන් කරමින් සිටියදී නින්දගිය මගියකු පැලඳ සිටි පාවහන් යුගල අවදි වී බලන විට අතුරුදන්ව තිබීමේ සිද්ධියක් වාර්තා වෙයි.
එය එක්තරා ප්‍රධාන නගරයක සිට කුඩා නගරයක් කරා ගමන් කරන බස් රථයකි. එම බස් රථයේ ආසන සම්පූර්ණව බස් රථය පුරා මගීන් පිරී සිටි අතර පසුව තව තවත් මගීහු එක්වන්නට වූහ.
ටික දුරක් යද්දී බස් රථයේ ඉදිරි ආසනයේ වාඩි වී සිටි මගියා සිය දෙපා තරමක් දික්කර ගෙන සිට ඇති අතර ඔහුට එම ඉරියව්වෙන්ම නින්ද ගොස් තිබිණ. බස් රථයේ මගීන්ද පිරී සිටි බැවින් සියලු දෙනා වෙනත් විවිධ දේවලට අවධානය යොමු කර සිටියහ.
ටික දුරක් ගමන්කිරීමෙන් පසුව නිදා සිටි මගියාට ඇහැරුණ අතර ඔහු බස් රථයෙන් බහින ස්ථානය ද ළංව තිබිණ. බස් රථයෙන් බැසීම සඳහා සූදානම් වී තම පාවහන් යුගල සොය බැලූ නමුත් එය එහි නොවීය. බස් රථය පුරාම ඔහු එය සෙව්වද සොයාගත නොහැකි විය.
පසුව දැන ගන්නට ලැබුණේ කිලෝ මීටර් ගණනාවක් දුරකින් බැස්ස මගියකු පාවහන් යුගලක් අතේ ගෙන බැස ගිය බවයි.
රුපියල් 2000 ක් පමණ වටිනා අලුත්ම පාවහන් යුගල ඔහුට අහිමි වූයේ එසේයි.