52 හැවිරිදි, ටියුෂන් ගුරුවරයකු තම ගෝලයකුවන 19 හැවිරිදි සිසුවියක, පාළු නිවෙසකට නිතර නිතර රැගෙන යාමේ පුරුද්ද නතර කිරීමට, උඩුගහපත්තුව ප‍්‍රදේශයේ පොලිසියකින් පියවර ගත් බව වාර්තා වේ.
මෙම ගුරුවරයාට අයත් පාළු නිවෙසකට තම වාහනයෙන්, බාල වයස්කාර දැරියන් රැුගෙන එන බවට ප‍්‍රදේශය පුරා කසුකුසුවක් පැවතිණි.
ප‍්‍රදේශවාසීන් මෙය කොටුකර ගැනීමට කිහිප විටක් උත්සාහ දැරුවත් එය ව්‍යර්ථ වී තිබිණි. එහෙත් පසුගියදා ටියුෂන් පන්ති යන බව පවසා ගිය උසස් පෙළ සිසුවිය, මෙම ගුරුවරයා සමග අදාළ නිවෙසට පැමිණ ඇත.
පසුව මේ බව (119) අංකයට දැනුම්දීමෙන් පසු ක‍්‍රියාත්මක වූ පොලිසිය වහාම නිවෙසට යන විටත් යුවළ පෙම් සුව විඳිමින් නිවෙස තුළ සිට ඇත. පසුව මොවුන් දෙදෙනා පොලිසියට රැුගෙන විත්, කළ ප‍්‍රශ්නකිරීම් වලදී පවසා ඇත්තේ, මෙය දෙදෙනාගේ කැමැත්තෙන් සිදුවන්නක් බවයි.
මෙම පුද්ගලයා ටියුෂන් ගුරුවරයකු නිසාත්, දැරිය පාසල් සිසුවියක නිසාත් මොවුන් දෙදෙනාට තරයේ අවවාද කොට නිදහස් කිරීමට පියවර ගත් බව පොලිසිය පවසයි. ප‍්‍රදේශවාසීන් නම් පවසන්නේ මෙම සිසුවියට අමතරව විවිධ මාදිලියේ කාන්තාවන් අදාළ ගුරුවරයා මෙම නිවෙසට නිතර නිතර රැුගෙන එන බවයි.

