කොරෝනා පැතිරයාම වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ගෙන්ගෙට ඇවිදීම සීමා කිරීම නිසා තමන් සහාය දක්වන අපේක්ෂකයාගේ ඡන්ද ලකුණ හා මනාප අංකය මහජනතාව අතරට රැගෙන යෑමට ආධාරකරුවකු යොදාගත් අපූරු උපායකි.
සිද්ධිය මෙසේය.
ඔහු මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකි.
කොරෝනා වසංගතය හේතුවෙන් ගෙන්ගෙට ගොස් සිය ඡන්ද ප්‍රචාරක කටයුතු කර ගැනීමට නොහැකි වීම නිසා ඔහු ඒ සඳහා කළ යුත්තේ කුමක්දැයි සිය ආධාරකරුවන් ගෙන්වා සාකච්ඡා කළේ කෙසේ හෝ මෙවර මැතිවරණයෙන් තමුන් පාර්ලිමේන්තුවට යා යුතු බව පසක් කරමිනි.
ඡන්ද ව්‍යාපාරය කරගෙන යෑම සඳහා ආධාරකරුවන් විවිධ යෝජනා ගෙන ආ අතර ඇතැම් ඒවා අලුත් ම උපායමාර්ග වීම නිසා ඒවා රහසේ ක්‍රියාවට නංවන ලෙසද අපේක්ෂකයා තම පිරිසට කියා සිටියේ එම උපායමාර්ග සෙසු අපේක්ෂකයන් අතට පත්වීම තමුන්ට අවාසියක් බව පහදා දෙමිනි.
මේ අතර පළාතේ විශාල ගොවි ජනපද කීපයකට දියවර සැපයෙන ප්‍රධාන වාරිමාර්ගයක් ආසන්නයේ සිට පැමිණි ආධාරකරුවකුගෙන් අපේක්ෂකයාට ලැබුණේ අපූරු උපායක් මාර්ගයකි.
‘‘සර් පෝස්ටර් ටික බෙදන්න හොඳ ක්‍රමයක් තියෙනවා. අපේ ගම්මාන විශාල ප්‍රමාණයක් හරහා ගලා බසින ඇළ මාර්ග කීපයක්ම තියෙනවා. මිනිස්සු හැම වෙලාවෙම නාන්න, වතුර ගෙනියන්න, ඒ ඇළ මාර්ගවලට එනවා. සමහරු අඩියක් ගහන්න හිතුනමත් එන්නේ ඇළට. ඇළේ තැන් කීපයකින් විනාඩි දහයකට පහලොවකට සැරයක් පෝස්ටරයක් ගානේ වතුරට දාල පාකරල එවුව නම් ඒවා ලෙහෙසියෙන්ම මිනිස්සු අතරට යවන්න පුළුවන්. මේ සමහර ඇළවල් කිලෝමීටර් දහයක් පහළොවක් දුරයි. ඇළ මාර්ග පහ හයක් තියෙනවා. කිසිම වියදමක් නැතුව වැඩේ කරන්න පුළුවන් ‘‘ආධාරකරුවාගේ උපාය මාර්ගයට ඇතැමුන් සිනාසුන ද ඔහු පළාත් පාලන මැතිවරණයේදීද එය සාර්ථකව ක්‍රියාවට නැංවූ බව එම සභාවෙන්ම කියවුනෙන් එය අපේක්ෂකයාගේ හිත දිනා ගන්නට තරම් ප්‍රමාණවත් යෝජනාවක් විය.
ඒ සම්බන්ධයෙන් දැඩි උද් යෝගයකින් කතා කළ අපේක්ෂකයා තම බල ප්‍රදේශවල මිනිසුන් දිය නාන ඇළ මාර්ග ඇති බොහෝ දෙනෙකුට එම උපාය ක්‍රියාවට නැංවීමට උපදෙස් දුන්නේ ඔවුන්ට වැඩිපුරත් පෝස්ටර් මිටිය බැගින් ප්‍රදානය කරමිනි.
(වියලුව වාර්තාකරු)