චිත‍්‍රපටය නරඹද්දී පෙම්වතිය දහම් පොතක් දිග ඇරලා


 

අගනුවර අධ්‍යාපන සම්මන්ත‍්‍රණයකට සහභාගිවීමේදී දැන හඳුනාගත් මේ යුවළගේ ප‍්‍රථම පේ‍්‍රමයට කණකොකා හැඬුවේ ඇය දැඩිසේ ආගම දහමට බරවීම නිසාය. එහෙත් පසු කලෙක සියනෑ වේ එකම බැංකුවක සේවයට යාම නිසා ඒ ප‍්‍රථම පේ‍්‍රමය යළි දළුලා වැඩිණ.

පසුගියදා උසස් ගණයේ ඉංගී‍්‍රසි චිත‍්‍රපටයක් අගනුවර සිනමා හලෙක ප‍්‍රදර්ශනය වන බව දැනගත් ඔහු සිය පෙම්වතියට මෙය බැලීමට යෝජනා කොට අමාරුවෙන් කැමති කරවා ගත්තේ එදින නිවාඩු දිනයක් වූ හෙයිනි.

පන්සලට යන මුවාවෙන් වටිනා ධර්ම ග‍්‍රන්ථයක්ද රැුගෙන සිනමාහලට ආ ඇය ඔහු සමග අසුන් ගතව සිනමා පටය ආරම්භ වනතුරු දහම් පොත කියවූයේ ඔහු සමග පිළිසඳරෙහි යෙදෙමිනි. සිනමාහල අඳුරු කළ පසු ඔහුට තුරුළු වී සිනමාව නැරඹුවත් මොහොතකින්ම එය ඇයට නීරස වූයෙන් තම දහම් පොත පෙරළාගෙන ජංගම දුරකතන එළියෙන් එය කියවනු දුටු පෙම්වතාට තරු පෙනිණ.

කෝපයට පත් ඔහු වහාම දුරකතනය උදුරාගෙන එළිය විසන්ධි කොට ඇයට දුන්නත් ‘‘පව් කරගන්න එපා අනේ’’ කියූ ඇය විවේක කාලය එනතුරු ජංගම දුරකතන එළියෙන් පොත කියෙව්වාලූ.