(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
එක්තරා පාසලක 4 ශ්‍රේණියේ ගුරුතුමිය දරුවන්ට ලබාදුන් සිංහල විෂයේ පැවරුමකට එක්තරා සිසුවෙක් ලියා තිබූ අමුතුම ආකාරයේ නාම විශේෂණ පදයක් පිළිබඳ පුවතකි.
වාර්තා වූයේ වයඹ පළාතේ එක්තරා පාසලකිනි. නාම විශේෂණ පද පිළිබඳ පාඩමක් ඉගැන් වූ එම ගුරුතුමිය පසුදින පැමිණෙන විට අභ්‍යාස පොතේ නාම විශේෂණ පද දහයක ලැයිස්තුවක් ලියා ඒවා වාක්‍යවලටද යොදා රැගෙන එන ලෙස දරුවන්ට පැවැරුමක් දී තිබිණි.
පසු දින උදෑසන ගුරුතුමිය දරුවන්ගේ සිංහල අභ්‍යාස පොත් පරීක්‍ෂා කළ අතර එක්තරා සිසුවෙක් සිය නාම විශේෂණ පද ලැයිස්තුවට ‘පට්ට’ යන වචනය ද එක්කර තිබුණි. ‘අපේ ගෙවල් ළඟ මාමා කෙනෙක් පට්ට ගෙයක් සාදා ඇත’ යනුවෙන් එම වචනය වාක්‍යයටද යොදා තිබිණි.
ගුරුතුමිය දරුවා ලියා තිබූ එම වාක්‍යය සිය මිතුරන්ටද පෙන්වූයේ ‘අනේ අපේ සිංහල භාෂාවට අලුතින් එකතු වී ඇත්තේ මේවගේ වචන දැයි’ අසමිනි.

