තම ගමට පානීය නළ ජලය ලබා දෙන්නැයි මහත් උද්ඝෝෂණයක් කොට ප‍්‍රාදේශීය දේශපාලකයකු මගින් පෙත්සමක් ද ඉදිරිපත් කළ පසු ඒ සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කොට නළ ජලය ලබාදීමට කාණු කපමින් සිටියදී නළ ජලය එපා යැයි පෙත්සම් දෙකක් ජාතික ජල සම්පාදන මණ්ඩලයට ලැබීමේ අපූරු පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
නළ ජලය ලබාදීමට සියලූ කටයුතු සිදු කරමින් සිටියදී එය නවත්වන ලෙසට ලද පෙත්සම් පරීක්ෂා කළ ජල සම්පාදන අංශයේ නිලධාරීහු මෙවැනි සිදුවීමක් මේ රටේ සිදුවූ මුල්ම අවස්ථාව බව පැවසූහ.
ප‍්‍රාදේශීය දේශපාලකයකුගෙන් මේ පිළිබඳව විමසූ විට අනාවරණය වී ඇත්තේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සිදුවිය හැකි මත ගැටුමක් මීට මුල් වී ඇති බවත් ලූ.

