(හොරොව්පොතාන-පැතුම් දර්ශන)
සිය ආයතන ප්‍රධානියාට හොරෙන් රාජකාරි වෙලාවේ සම්බාහන මධ්‍යස්ථානයකට රිංගු සේවකයකුට මුහුණ පාන්න වූ අකරතැබ්බක් පිළිබඳ පුවතක් අනුරපුරෙන් වාර්තා විය.
එදින පඩි දිනයකි. කාර්යාලයේ කාටත් මුදල් අතට ලැබුණ දිනයකි. යහමින් මුදල් අතට ලැබුණ ඕනෑම දිනක සම්බාහන මධ්‍යස්ථානයකට යෑම මෙකී සේවකයා පුරුද්දක් කරගෙන තිබිණි.
මාසික පඩිය ලැබුණ නිසා සුපුරුදු ආශාව ඉස්මතු වන්නට විය. එහෙත් රාජකාරී වේලාව තුළ පිටතට යා නොහැකිය. රාජකාරි වේලාවෙන් පසුද සම්බාහන මධ්‍යස්ථානයට යෑමට අවස්ථාවක් නැත්තේ නියමිත වෙලාවට නිවෙසට ගියේ නැත්නම් බිරිඳගේ කුණු බැණුම් අහන්නට වන නිසාය.
“සර්.. මගේ ඥාතියෙක් මේ ළඟ ගෙදරක අසනීප වෙලා ඉන්නවා මම ගිහින් බලලා එන්න ද.? උපරිම පැයක් යයි”
“හොඳයි ගිහින් ඉක්මනින් එනවා. දන්නවනේ රාජකාරි වෙලාවේ ඇවිදින්න බැහැ කියලා”
ප්‍රධානියාගෙන් ලැබුණ අවසරයෙන් උපරිම ප්‍රයෝජනය ගතයුතු නිසා හැකි ඉක්මනින් සුපුරුදු ස්ථානයට ගියේ පැයක් ඇතුළත ආපසු පැමිණිය යුතු නිසාය.
වැඩේ ආරම්භ කෙරිණි.
සර්වාංගයම සම්බාහනය කරන්නට පටන්ගෙන ගතවූයේ සුළු වෙලාවකි. රෙදි තිරයකින් පමණක් වෙන් කර තිබූ අනෙක් පැත්තෙන් ඇසුණේ එකවර මතකයට නැගෙන කටහඩකි.
“දෙයියනේ ලොක්කගෙ කටහඩ”
දෙලෝ රත්විය. කාටත් හොරෙන් ලොක්කත් වැට පැන ඇති බව දැන ගත්තේය. දැක්කොත් ලොක්කත් ඉවරයි, මමත් ඉවරයි සිතු ඔහු
වහාම කර්තව්‍යය මග දී නවතා පිටුපස දොරින් පැන යන්නට තීරණය කළේය.
“අපරාදේ අයියගේ සල්ලී හැපී එන්ඩ් ඒකවත් ගන්න බැරි වුණා” නේදැයි නංගිලා අසන විට ”හැපිඑන්ඩ් වගේද නංගි ජොබ් එක. ඒක නැති වුණොත් වහකන්න වෙන්නේ යැයි” කියමින් පිටවී ගොස් ඇත්තේ මේවා මට හොඳ පාඩම් යැයි පවසමිනි.