ගොවි පන්තියට තමන් අයිති බවට සහතිකයක් දෙන ලෙස ඉල්ලමින් ග‍්‍රාම නිලධාරීවරයකු වෙත පැමිණි අයකුගෙන් වී වර්ග හතක නම් කියන්නැයි කළ ඉල්ලීමේදී ඔහු එම ප‍්‍රශ්නයට පිළිතුරු දීමට නොහැකිව අසරණ වූ සිද්ධියක් වාර්තාවේ.
මෙම ග‍්‍රාම නිලධාරීවරයා මෑතකදී වසම භාරගත් අයෙකි. එහෙත් අත්දැකීම් අතින් පළපුරුදු අයෙකි. මෙදින ඔහු කාර්යාලයේ රැඳී සිටින විටදී වසමේ අයකු පැමිණ තමන්ට යම් අවශ්‍යතාවයක් නිසා ගොවි පන්තියේ අයකු බවට සහතිකයක් දෙන ලෙස ඉල්ලා ඇත.
මෙම අය ගොවියකු බවට තමන් නොදන්නා නිසා ප‍්‍රශ්නයක් දෙකක් විමසා අදාළ සහතිකය දීමට නිලධාරි මහතා තීරණය කළේය. එම අයගේ හැඳුනුම්පත පරීක්ෂා කිරීමෙන් පසු තොරතුරු විමසීම් ආරම්භ කළේය. එම ප‍්‍රශ්න කිරීමේදී ඔහු පවසා සිටියේ තමන් අවුරුදු 20ක පමණ කාලයක සිට ගොවිතැන් කරන අයකු බවත් තම මවුපියන්ද ගොවීන් වන බවත්ය.
එහිදී ග‍්‍රාම නිලධාරි මහතා තමන් ගොවියකු නම් වී වර්ග හතක නම් කියන ලෙස තවත් ප‍්‍රශ්නයක් විමසන ලදී. එම ප‍්‍රශ්නය හමුවේදී ඔහුට වී වර්ග හතක නම් පැවසීමට නොහැකිව අසරණ විය. ග‍්‍රාම නිලධාරි මහතා වී වර්ග ගණනාවකම නම් සහ එම වී වගාවෙන් ගත හැකි අස්වැන්න, ඒ ඒ වී වර්ගවල ඇති කාල වකවානු සහ ගුණාත්මකභාවය ඇතුළු වගාවේදී ගොවියකු දැනගත යුතු බොහෝ කරුණු කාරණා පිළිබඳව ඔහු දැනුම්වත් කර අදාළ සහතිකය දී ඇත.

