ගොනා බඳින්න කරත්තයක් ඉල්ලූවාම ට‍්‍රැක්ටර් ටේලරයක් හොයා දීලා


කරත්ත රස්සාවේ නිරත අයෙකි. ගොනුන් කිහිපදෙනකු ද සිටි ඔහුගේ කරත්තය අබලන්විය.
අලූතින් කරත්තයක් මිලට ගන්නා අදහසක් ඔහුට ඇතිවිය. වාහන බ්‍රෝකර් කෙනකු හමුවූ හෙතෙම මගේ ට‍්‍රැක්ටරයක් තියෙනවා ටේලරයක් හොයා දෙන්නැයි කීවේ විහිළුවක ස්වරූපයෙනි.
දින කිහිපයකට පසු බ්‍රෝකර්කරු කරත්තකරු හමුවීමට ආයේය. හොඳ ටේලරයක් තියෙනවා බලන්න යමුයි කියා කැඳවාගෙන ගියේය. වාහන අංගනයකට ගිය ඔහු ට‍්‍රැක්ටර් ටේලරයක් පෙන්වා මිල ගණන් ද කීය.
මහත්තයෝ මේක මගේ ට‍්‍රැක්ටරයට අමුණන්න බැහැයි කියද්දී බ්‍රෝකර්වරු විපිළිසර වූයේය. මම කීවේ මගේ ගොන් නාම්බා බදින්න කරත්තයක් හොයා දෙන්නනේයි ඔහු කී විට මෙයා කරත්ත රස්සාව කරන බව මට අමතක වුණානේයි කී තැරැව්කරු හීන් සීරුවේ එතැනින් මඟ හැර ගියේය.