සාදයකට සහභාගිවීම සඳහා දුර ප්‍රදේශයකින් පැමිණි පිරිසක් මධුවිත සප්පායම් වීමට ගහේ බඩු සොයා බැහැර ගොස් නැවත පැමිණෙන විට සාදය හමාරවී තිබීම නිසා ඔවුන්ට ගෙදර ඉතුරුපහදු වී තිබූ කෑමවලින් සෑහීමට පත්වන්නට සිදුවූ පුවතක් මාතර දිසාවේ උපනගරයකින් අසන්නට ලැබිණ. දියණියකගේ වැඩිවිය පැමිණීම නිමිත්තෙන් පැවති සාදයකි. සාදයේ සියලු සංග්‍රහ සත්කාර සිදුකිරීම සඳහා කේටරින් සේවා ආයතනයකට බාර දී තිබිණ. සැලකිය යුතු ඉහළ මට්ටමකින් රාත්‍රී භෝජන සංග්‍රහය සූදානම් කර තිබුණ ද මත්වතුර නම් අහලකවත් ගෙන නොඒමට නිවැසියන් තීරණය කර තිබී ඇත.
එම නිසා කෑමට පෙර බීම අවශ්‍ය අය ඒ සඳහා විකල්ප ස්ථාන සොයා ගියහ. ඒ අතර ඈත නාගරික ප්‍රදේශයකින් පැමිණි තරුණ පිරිසකට මඟුල් ගෙදරට ගොඩවීමටත් පෙර ඔවුන්ගේ පැරණි පාසල් මිතුරකු මුණ ගැසී ගහේ බඩු තිබෙන ස්ථානයකට යාමට ඇරියුම් කළේය. එම ඇරියුම කනවැකුණු සැණින් ඔවුහු මිටෙන් හළ කුරුල්ලන් මෙන් තමන් පැමිණි වාහනයෙන්ම එම ස්ථානය බලා ඉගිලී ගියහ. කලකින් ලබුණු කිතුල් රා ටික ඔවුන්ට අමෘතයක් මෙන් විය. මිතුරා සමඟ ද ආගිය තොරතුරු කතාකරමින් මල් පැණි තොල ගෑ පිරිසට සාදය පිළිබඳව මතක් වන විට මැදියම් රැයට ද ආසන්නය. දැන් ඇතැමෙකුට බඹර පදංය.
කෙසේ හෝ මඟුල් ගෙදරට යන විට සියලු දේ අස්පස් කර කේටරින් ආයතනය ද ආපසු ගොසිනි. නිවසේ කිසිවෙකුටත් මොවුන් පිළිබඳව මතකයක් ද තිබී නැත.
කෙසේ වෙතත් බතක් උයා පොල් සම්බෝලයක් ද සාදා සාදයේ ඉතුරු වී තිබූ කෑම වර්ග ද සමඟ ආගන්තුක පිරිසට සංග්‍රහ කිරීමට නිවැසියෝ යුහුසුළු වුණාලු.
(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)

