අං තට්ටුවක් නිසා පොලීසිය හරහා අධිකරණය දක්වා ගිය අරගලයක් පිළිබඳ අපූරු පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ වියළි කලාපයට අයත් ප‍්‍රදේශයකිනි.
මීට වසර තුනකට පමණ පෙර තම ගවයින් අතර සිටි විශේෂ ගවයකු අතුරුදන්වීම පිළිබඳව සොයා බැලූ මේ ගවපට්ටි හිමියාට ඔත්තුවක් ලැබුණේ පසුගියදාය.
ඔහුගේ අතුරුදන්වූ ගවයා විශේෂයක් වූයේ උගේ අපූරු අංතට්ටුව නිසාය.
අසල්වැසියාගේ ඔත්තුවෙන් කියැවුණේ මේ ගවයාගේ අං තට්ටුවට සමාන එකක් හේනේ පැලක තිබී තමා දුටු බවත් ඒ පිළිබඳව විමසූවිට හේන් හිමියා කලබලවූ බවත්ය.
වහා මේ ඔත්තුකරු සමග හේනට ගිය ගව පට්ටි හිමියා මේ අංතට්ටුව දැක හේන් හිමියාගෙන් ඒ ගැන විමසූවිට ඔහු දුන් පිළිතුරුවල අවුල් සහගත බව නිසා කතාබහ උණුසුම් වී දැන් ගව හොරකම උසාවිය දක්වා ගොස් ගව අංතට්ටුව නඩු භාණ්ඩයක් වෙලාලූ.

