එදා වැසි සහිත දිනයකි. වේලාව රාත‍්‍රී හතට පමණය.
”ඉක්මනට මොකක් හරි අරන් එන්න” බිරිඳ කාමරයේ සිට කෑමොර දෙන්නට වූවාය. නිසැකවම කාමරය තුළ සර්පයෙක් ඇතැයි සිතූ සැමියා වහාම මුගුරක්ද රැුගෙන කාමරයට දිවීය. කාමරයේ සිටියේ විශාල ගරුඬෙකි. හෙතෙම රැුගෙන ගිය මුගුරෙන් ගසා ගරුඬා මරා දැමීය.
ශබ්දය ඇසී එතැනට පැමිණි කුඩා දියණිය, ගරුඬා පොඩිවී මැරී සිටිනු දැක හඬන්නට වූවාය. ”ඇයි තාත්තේ මේ සතාව මැරුවේ. පව්නේද සත්තු මරන්න. ඇය ප‍්‍රශ්න කළාය. කිසි දිනක සතෙක් මරා නොමැති පියාද ඇයගේ ප‍්‍රශ්නයෙන් නිරුත්තර විය.
”ඒ වුණාට මූ කෑවොත් එහෙම”. මව පැවසූ විට ”එයාව මරන්නේ නැතිව කොස්ස ළඟට කිට්ටු කලාම එයා කොස්සට නඟිනවා. එතකොට එයාව ඈතට විසි කරන්න තිබුණානේ” දියණිය පැවසුවේ ඉකි ගසමිනි.
”හරි ආයේ මම සත්තු මරන්නේ නැහැ පුතේ” යැයි කියමින් දියණියගේ හිස අත ගාමින් පොරොන්දු වූ පියා, ”එන්න අපි කෑම කන්න යමු” පැවසීය. ”අද මට කෑම එපා” දියණිය කුසගින්නේ නිදන්නට වූවාය. වාර්තා වූයේ වේයන්ගොඩ ප‍්‍රදේශයෙනි.
ක‍්‍රිස්ටෝපර් සීපියන්

