උත්සවයකට සහභාගිවීමට ලැබුණු ආරාධනාවක් අනුව එහි යමින් සිටියදී ත්‍රීරෝද රථ රියැදුරා ගමේ නාමය වරදවා වටහා ගැනීම නිසා වෙනත් ගම්මානයකට ගොස් ගමේ පාරක් පාරක් ගානේ ඇවිද උත්සවය පැවැත්වෙන ස්ථානය සොයා ගත නොහැකිව ආපසු ගිය පුවතක් පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.
සමාජ සේවයට ලැදි අයෙකුට උත්සවයකට ආරාධනාවක් ලැබිණි. ආරාධනා කරනු ලැබූයේ ඥාතියෙකි. “හරි මම සහභාගි වෙනවායි” පොරොන්දු වූ මෙම අය නියමිත දිනයේ ත්‍රිරෝද රියකට නැගී රියැදුරාට උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ නම සඳහන් කොට යමුයි කියා අසුනට වී නින්දට වැටුණේය.
ත්‍රිරෝද රියැදුරා සමාජ සේවකයා පැවසූ ගමට ගොස් එහි පන්සල අසලට ගොස් ‘මහත්තයා අපි කොහාට ද යන්නේ’ යි ඇසීය. නින්දෙන් ඇහැරුණු ඔහු පන්සල අසල සිටිනු දැක පන්සල ඉස්සරහ පාරේ යමුයි කීය. ටික දුරක් ගිය පසු ‘අපිට පාර වැරදුණා දැ’ යි ත්‍රිරෝද රථ රියැදුරුගෙන් විමසීය. ‘නැහැ මහත්තයා කියූ ගමට ඇවිත් ඉන්නවා’ යි කීය.
පාර අයිනේ කඩයකින් උත්සවය පැවැත්වෙන ස්ථානය ගැන විමසුවත් එවැනි උත්සවයක් තම ගමේ නැති බව කඩ හිමියා කීය. සමාජ සේවකයා තම ඥාතියා ගැන විමසුවත් එවැනි අයෙකු ගමේ නැති බව දැන ගත් පසු තමන් පැමිණ ඇත්තේ වැරදි ගමකට බව තේරුම් ගෙන අපිට යන්න ඕනෑ මේ ප්‍රදේශයට නොව ඒ නමම තියෙන වෙනත් ගමක ප්‍රදේශයකට බව තේරුම් ගත්තේය.
‘දැන් වේලාවත් පැනලානේ අපි ගෙදර යමු’ කී සමාජ සේවකයා තම ඥාතියාට ඇමතුමක් දී සිදුවූ ප්‍රමාද දෝෂයට සමාව ඉල්ලුවේය.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

