ගමේ කතුන්ට දිස්ටි දැමූ ග‍්‍රීස් යකා පොලිස් කූඩුවේ


 

බදුරලිය ලත්පඳුර ප‍්‍රදේශයේ නිවෙස්වලට රාති‍්‍ර කාලයේ දොර ජනෙල් කඩා ඇතුළු වී කාන්තාවන් අතපත ගාන ග‍්‍රීස් යකකු ගම්වැසියන් ලූහුබැඳ බදුරලිය පොලිසියට භාර දී ඇත.

ලත්පඳුරේ නිවෙසකට ඇතුළුවී නිදා සිටි කාන්තාවන්ගේ අඟපසඟ අතගාද්දී ඇය අවදි වී කෑ කෝ ගසන විට ජනේලයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

නිවෙස්වල අය කෑ කෝ ගසන විට අවට පදිංචිකරුවන් ප‍්‍රදේශය වටලා ග‍්‍රීස් තවරා ගෙන සිටි පුද්ගලයා වටකර අල්ලාගෙන ඇත.

මෙම පුද්ගලයා වයස අවුරුදු හැටක් පමණ වන විවාහකයකු බව පොලිසිය කියයි. බදුරලිය පොලිස් ස්ථානාධිපති එම්.ඒ. උඩවත්ත, පොලිස් පරීක්ෂක එච්. ගුණසේකර, සැරයන් සුමනවීර යන මහත්වරු පරීක්ෂණ පවත්වති.