හොරට අඹ කඩන්නට පැමිණි පිරිසකට ගණිත පාඩමක් කියා දුන් වයෝවෘද්ධ මාතාවක් පිළිබඳ පුවතක් මෙසේ වාර්තා විය.
සිද්ධිය මෙසේය
ඔවුන් පිටස්තර ගමකින් අඹ මිලදී ගන්නට පැමිණි පිරිසකි. ගමේ ඒ මේ අත ඇවිද්දේ ඵලදාව ඇති අඹ ගස් සොයමිනි. මෙසේ යන පිරිසට ගෙවත්තක වූ සරුවට ඵල දැරූ කර්තකොලොම්බන් අඹ ගස් කීපයක් දැක ගන්නට ලැබුණි. ඔවුන් ගෙවත්තට ගොඩ වූයේ ලොරිය පිරෙන්නටම මෙතනින් අඹ කඩාගත හැකි යැයි එකිනෙකාට කියා ගනිමිනි.
ගෙවත්තේ හිමිකාරිය වයෝවෘද්ධ මාතාවකි. අඹ ගෙඩියක් සඳහා රුපියල් දහයක් ලබා දිය හැකි බවට ගිවිස ගත් ඔවුන් වරුවක් පමණ වෙහෙස වී ගෙවත්තේ වූ අඹ ගෙඩි සියල්ල කඩා ගොඩ ගැසුවේ එදින කලින්ම සිය නිවෙස් බලා යා හැකියැයි එකිනෙකාට පවසමිනි.
ඔවුන් ගිවිස ගත් පරිදිම අඹවල වටිනාකම වයෝවෘද්ධ මාතාව වෙත ගෙවා දැම්මේ කිසිදු ලෝභකමක් නොපෙන්වමිනි.
එහෙත් විශ්‍රාමික ගුරුවරියක් වූ ඇයට මේ කොලු_ ගැටවුන්ගේ ගණන් හැදිල්ල ඇල්ලුවේ නැත. පිරිස පැමිණි මොහොතේ සිටම තම කනෙන් රිංගන්නට උත්සාහ කරන බව ඇය ඉවෙන් මෙන් දැන සිටියාය. “පුතේ ගෙඩි කීය ද?” ඇය ඇසුවාය. “හාරදාස් හත්සිය තිහයි.” පිරිස උත්තර දුන්හ. “එතකොට පුතේ ඔය ගානේ අගට බිංදුවක් දැම්මම මට දෙන්න ඕනි ගාන එනව නේද?” ඇය ඇඟට පතට නොදැනී කීවාය.
තරුණයෙක් ගණක යන්ත්‍රය ඔබා බැලුවේය. “හරි නේන්නම්” ඔහු විශ්මය පළ කළේය.ඔවුන් නිවෙසට කැඳවූ ඇය පිරිසට තේ පැන් සංග්‍රහයක් පවත්වා පවසා ඇත්තේ තමුන් කලකට පෙර ගමේ පාසලේ සිටි ගණිත විද්‍යා ගුරුවරියක් බවයි.
(වියලුව වාර්තාකරු)

