ගංතෙර හොල්මන ගම්මුන්ගේ කටවලුත් වසයි


(වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර)

මෙයට මාස කිහිපයකට ඉහතදී දියේ ගිලී මියගිය කාන්තාවකගේ හොල්මන පෙනෙනවා යැයි කියමින් වලල්ලාවිට දේදොළ පාරේ ගෙන යන ප්‍රචාරය අසත්‍යක් බව මීගහතැන්න පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මෙම සිදුවීම හේතුවෙන් රාත්‍රි කාලයේ තේ දලු ප්‍රවාහනය කරන ලොරි රියදුරන් හා යතුරුපැදිකරුවන් රැසක් බියට ලක්වී ඇති අතර එම ආරංචි යම් යම් පුද්ගලයන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට යෙදූ කටකතා බවටද අනාවරණය කරගෙන තිබේ. දියේ ගිලී මියගිය කාන්තාවගේ දේහය ගොඩගත් ස්ථානයේදී බොහෝ පිරිසක් බියවී ඇති බවටත් මේ ප්‍රදේශයට යාබද නිවසක වහලයට ගල් වැටීමේ අද්භූත සිදුවීමත් මහජනයා බිය වැද්දීමට සිදුකළ ප්‍රචාරයක් බව මීගහතැන්න පොලිස් ස්ථානාධිති එම්.එම්.ජේ. ආරියවංශ මහතා පැවසීය. මේ ප්‍රචාරයන් ගෙන යන පුද්ගයින් වහාම අත්ඩංගුවට ගැනීමටද පියවර ගන්නා බව ස්ථානාධිපතිවරයා පැවසීය.