කෝච්චියේදී හොරා ගිල්ල රන් මාලය බඩෙන් අතුරුදන්


රන් මාලයක් කඩාගෙන දිවයන විට පසුපසින් එහි හිමිකරු දිවගෙන ආ නිසා සොරා එය ගිල දැමුවත් පසුව ගිල දැමූ මාලය අතුරුදන්වීමේ පුවතක් වෙරළබඩ ප්‍රදේශයකින් වාර්තා වේ.


රජයේ දෙපාර්තමේන්තුවක ඉහළ නිලධාරියකු වූ ඔහු සිය බිරිඳ හා තරුණ පුතු සමඟ දුම්රියෙන් දකුණු පළාත බලා ගියේ සති අන්ත නිවාඩුවටය.


දුම්රිය නැවතුම්පොළක නතර කිරීමත් සමඟ සොරකු වහා පැන බිරිඳගේ රුපියල් ලක්ෂ තුනක් පමණ වූ රන්මාලය කඩාගෙන පැන දිවූ අතර ඇයගේ පුත්‍රයා වහා පැන ඔහු අල්ලා පොලීසියට බාරදීමට සමත් වූයේය.


පොලීසියේදී සිදු කළ පරීක්ෂණයෙන් හා සෞඛ්‍ය අංශය සිදුකළ ස්කෑන්  පරීක්ෂණවලදී උදරය තුළ මෙම රන් මාලය ඇති බව අනාවරණය වූයෙන් ඔහුට  එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ගියත් සති කීපයකට පසු නඩු භාණ්ඩයක් වශයෙන් එය ඉදිරිපත් කිරීමට යළි  ස්කෑන් කළ විට එවැන්නක් නොවූ බව  හෙළි විය. දැන් සැමියා  සොරාගේ උදරයේ තිබූ රන්මාලයට කුමක් වී දැයි විමසමින් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලනවාලු.

තිහගොඩ උපසේන ලියනගම