කලෙකින් කොළඹ පැමිණි ගමේ සමාජ සේවකයකුට සිදුවූඅකරතැබ්බයකි මේ.චන්ද්‍රසෝම මහතා ගමේ හිත හොඳ මනුස්සයෙකි.
ඔහු සියබිරිඳ සමග ගිය සතියේ කොළඹ ආවේ වැඩකිහිපයක්ම කර ගැනීමටය.ඔහු බිරිඳත් සමග මරදානෙන් බසයෙන්බැස්සේ ඇවැසි කරුණක් සඳහාය. දෙදෙනා බසයෙන් බැස මදක් ඉදිරියට යද්දීතරුණයකු ඔවුන් අසලට පැමිණියේය.
‘අංකල් කොහේද ගමනක් යනවද’ ‘ඔව් ළමයො ඇයි?අර ඔයාලාගෙ ගේ ළඟ ටොයොටා වෑන් එකතියන්නෙ. ඒකෙ කොළඹ ආවා. ටයර් එකක් ගියානෙ. ඔයාලැනෑයෙකුගෙ නේද ඒ වෑන් එක’‘ආ.... ඔය අතුල පුතාගෙ වෑන් එකද? ‘ඔව් ඔව් අතුල මල්ලිගෙ වෑන් එක තමයි.
අංකල් මේකෙ ටයර්එක හදාගන්න රුපියල් තුන්දහසක් දෙන්නකො. ඔයා ගෙදර ආගමන් අතුල මල්ලිත් එක්ක ඇවිල්ල සල්ලි ටික දෙන්නම්’‘තුන්දහක් නම් නෑ පුතා.
දෙදාස් පන්සීයක් තියෙනවාදෙන්නම්’ ආ ඒක එහෙනම් දෙන්න අංකල් වෑන් එක එහාපැත්තෙ. හදාගෙන එන්නම්.තරුණයා මුදල ගෙන පැන ගියේය. චන්ද්‍රසෝම මහතා අතුල පුතාට ඇමැතුමක්ගත්තේය.‘පුතා ඔයාගෙ වෑන් එක දෙමටගොඩදී කැඩිලා.
මමඒක හදා ගන්න ඩ‍්‍රයිවර්ට සල්ලි වගේකුත් දුන්න’ ‘නෑ අංකල් අද වෑන් එක කොළඹ ආවෙ නෑනෙ.ඔයා කාටහරි අහුවෙලා වගේ.‘ආවේ නෑ. මට ඌ කිව්වනෙ අතුල පුතාගෙ වෑන් එක කියලා’ චන්ද්‍රසෝම මහතා කොළඹ කපුටකුට අහුවෙලාය.‘මදෑ ඔයින් ගියා’ චන්ද්‍රසෝම මහතා සුසුමක් හෙළීය.

