වියලුව වාර්තාකරු
කොරෝනාව වැළඳුණ බව පවසා දින ගණනාවක් නිවාඩු ඉල්ලුම් කළ සේවකයකු පවුලේ උදවිය ද සමග සිරිපා කරුණා කළ බව කියවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු එක්තරා ආයතනයක සාමාන්‍ය තනතුරක් දරන පුද්ගලයෙකි. ආයතනයත් එහි සේවක මණ්ඩලයත් අපහසුතාවට පත්වන අයුරින් නිතර නිවාඩු ලබා ගන්නට ඔහු කිසිවිටෙකත් පසුබට නොවන්නෙකි.
පසුගිය දිනෙක ඔහු ආයතන ප්‍රධානියාට දුරකථනයෙන් කතා කළේය. ‘‘සර් මටයි පවුලේ අයටයි කොරෝනා හැදුන, ඊයේ බේත් ගන්න ගියාම තමා අහු උනේ. දොස්තර මහත්තය කිව්ව අපිට ගෙටම වෙලා ඉන්න කියලා.’’ ඇමැතුමෙන් කියවුණේ එවැන්නකි
පුවත ඇසූ ආයතන ප්‍රධානියා ද ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අතර ආයතනයේ සේවකයකු කැඳවූ හෙතෙම ඔහුට කුමන හෝ උදව්වක් ලබාදීමට කටයුතු කරන ලෙසටද උපදෙස් ලබාදුන්නේය.
ඒ අනුව ආයතනයේ සියලුම දෙනාගේ දායකත්වය ඇතිව එකතු කරගත් මුදලින් හාල්, සීනි, පරිප්පු ඇතුළු නිවසට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය පිරවූ මල්ලක්ද රැගෙන ආයතනයේ පිරිසක් ඔහුගේ නිවස කරා පිටත්වූවේ ආයතන ප්‍රධානියාගේ උපදෙස් අකුරටම ක්‍රියාවට නංවමිනි.
කොරෝනා වැළඳුණු තම මිතුරාට උදව් කිරීමට බඩු මුට්ටු පොදි බැඳගෙන ඔහුගේ නිවස සොයා ගිය ආයතනයේ සේවක පිරිසට දැක ගන්නට ලැබුණේ ඔහුගේ නිවස ඉබි යතුරු දමා වසා ඇති බවකි.
අසල්වාසීන්ගෙන් ඒ පිළිබඳව විමසද්දී ඔවුන් කියා සිටියේ එම පුද්ගලයා හා පවුලේ උදවිය ගමේ නඩයක්ද සමග සිරිපා කරුණා කරන්නට ගොස් ඇති බවකි.
ඔහු කළ කපටි වැඩේ ගැන අපහසුතාවට පත් ආයතන සේවක පිරිස විමසද්දී ඔහු ඇඟට පතට නොදැනී පවසා ඇත්තේ ‘‘දන්නැද්ද අපේ වැඩ’’ යනුවෙනි.