ඉරිදා උදේ අටට රාගම ඉඳන් කොළඹ යන පෞද්ගලික බසය පිටත් වුණා. කොන්දොස්තර මල්ලී ඇඳන් හිටියේ ටී ෂර්ට් එකක්. ඩ්‍රයිවර් අයියාටත් එච්චර වයසක් පෙනුණේ නැහැ. කොන්දොස්තර මල්ලී බහින්නේ කොහෙන්දැයි අහමින් සල්ලි අර ගත්තා. හැබැයි ටිකට් එකක් දුන්නේ නම් නැහැ. මහබාගේදී බස් එකේ සෙනඟ බාගයක්ම බැස්සා. බස් එක කොට කොට යන්නට ගත්තේ ඊට පස්සෙයි.
වත්තල පහු කරද්දී කොන්දොස්තර මල්ලිට දුරකතන ඇමතුමක් ආවා. හදිස්සි කෝල් එකක් වාගේ. කලබල වුණු මල්ලී ඩ්‍රයිවර් අයියා ළඟට ඇවිත් බඩු හෑව් කියලා කියන ගමන්, අයිනක ගුලි කරලා තිබුණු කිළිටි නිළ ඇඳුම ඇඳ ගත්තා. පස්සේ එයා බස් එකේ ඔක්කොටම ටිකට් දීගෙන දීගෙන ගියේ ගංවතුර ආධාර බෙදනවා වගේ.
ඉස්සරහට ගිය බස් එක ටික වේලාවකින් පාරේ හිටපු බස් රථ පරීක්ෂක මහත්තුරුන් විසින් නවත්වනු ලැබුවා. මල්ලිගේ නිල ඇඳුම දැකපු ගමන් යන්න කියලා අතින් කීවා. බස් එක පිටත් වුණා. ඩ්‍රයිවර් අයියා දිහා බලපු කොන්දොස්තර මල්ලී ඇහැක් ගැහුවා. දෙන්නම කොක් හඬලා හිනා වුණා.
ක්‍රිස්ටෝපර් සීපියන්

