(අයගම ඩබ්ලිව්.පී. විජේතුංග)
කොණ්ඩය කැපිල්ල පසෙකට දමා රාජකාරිය දේවකාරිය ලෙස සලකා බාගෙට කපන ලද කොණ්ඩය සහිතව ගොස් කසිප්පු ඇල්ලූ පොලිස් නිලධාරියෙකු ගැන අයගමින් වාර්තාවේ.
මොහු අයගම පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල් 23740 සරත්චන්ද්‍ර මහතාය.
උඩුගල ප‍්‍රදේශයේ රාජකාරි කටයුත්තකට ඔහු ගියේ තවත් පොලිස් නිලධාරියෙකු ද සමගය. එසේ ගිය ඔහු සහෝදර පොලිස් නිලධාරියාට ඉදිරියට යන්න ඉඩ දී සැලූන් එකක් ළඟ නතර වුණේ කොණ්ඩය කපා ගැනීම සඳහාය.
කොණ්ඩය කපන අතරතුර ඉදිරියට ගිය සිය සගයාගෙන් හදිසියේ දුරකතන ඇමතුමක් ලැබිණි. එම දුරකථන ඇමතුමෙන් පැවසුවේ කසිප්පු රැුගෙන එන පුද්ගලයකු ඉදිරියෙන් පැමිණෙන බවය. ඒ වන විට කොණ්ඩය අඩක් කපාගෙන සිටි මෙම පොලිස් නිලධාරියා කොණ්ඩය කපා ගැනීම පසෙකට දමා වහා ක‍්‍රියාත්මක වී සිය සගයා සමග කසිප්පු රැුගෙන එන පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හවුල් වූ අනෙක්් පොලිස් නිලධාරියා වන්නේ අයගම පොලිසියේ පොලිස් කොස්තාපල් 12484 ජයලත් මහතාය.

