කොණ්ඩය කපන්න ඇවිත් තොප්පිය ගලවන්න රුපියල් 500 ක් දීලා


වෙරිමරගාතේ පොල්තෙල් කියා ගම් බෝතලයක් හිසේ ගල්වාගත් අයකු හිසේ තැවරුණු ගම් ඉවත් කර ගැනීමට නිවැසියන්ට හොරෙන් තොප්පියක් දමා නගරයේ කොණ්ඩය කැපීමට එද්දී තොප්පිය ද හිසේ ඇලවී තිබූ සිද්ධියක් දඹුල්ල නගරයෙන් පෙරේදා (16) දින වාර්තා විය.


දඹුල්ල නගර මධ්‍යයේ අර්ධ රාජ්‍ය ආයතනයක සේවය කරන අයකු මිතුරන් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වා නිවසට ගොස් ඇත්තේ බිරියට හා දරුවන්ට ගඳ නොවැදෙන්නට සිතාගෙනය. ගිය ගමන් ඔහු නාගෙන දියනියගේ කාමරයට ගොස් පවුඩර් හා සුවඳ විලවුන් ද ගල්වාගෙන හිස පීරීමට පොල්තෙල් යැයි සිතා දියණියගේ ගම්බෝතලය විවෘත කැර හිසේ ගල්වාගෙන ඇත.


නිවැසියන්ට නොකියා දඹුල්ල නගරයට පැමිණි ඔහු හිසේ දමාගෙන ආ තොප්පිය ගැලවීමට සහ ගම් යැවීමට රුපියල් 500ක මුදලක් සැලූන් එකට දී මේ බව කිසිවකුටත් හෙළි නොකරන්නැයි කියා එළියට බහින විට තමන් වැඩ කරන ආයතනයේ සේවකයකු එම ස්ථානයට පැමිණ ඇත්තේ රැුවුල කැපීම සඳහාය. සැඟවීමට ගිය සිද්ධිය අවසානයේ දඹුල්ල නගරය පුරා ප‍්‍රචාරය වන්නට වැඩි කාලයක් ගත නොවීය.