මත්පැන් පානයට ඇති දැඩි කැමැත්ත නිසා ක්ෂේත්‍ර නිලධාරි මහතෙකුට කොටහළු මගුල් ගෙදරකදී මුහුණදීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් අසන්නට ලැබේ.
ක්ෂේත්‍ර නිලධාරියා මත්වතුර පානයට උපන් හපන් හැකියාවක් හා දැඩි කෑදරකමක් දක්වන්නකු වන අතර දියණියක වැඩිවියට පත්වීම හේතුකොට ඉකුත් දිනෙක සිය ඥාති නිවසක සාදයක් පැවති අතර එයට මොහුද සහභාගී වූයේය.
අසීමාන්විතව මදුවිතෙන් සප්පායම් වී සිටි ඔහු තිබූ සංගීත රිද්මයට නර්තනයක් සිදුකිරීමද කර ඇතැයි පැවසේ. එම නර්තනය වැඩිපුර සිදුවූයේ කාන්තාවන් අසල වීමද විශේෂත්වයක් ගත් අතර නර්තනයට එක්ව සිටි කාන්තාවන්ගේ ශරීරය මොහු විසින් නිතර නිතර ස්පර්ෂ කරන්නට යාම නිසා සාදයට නව මුහුණුවරක් එක් වීමට වැඩි වේලාවක් ගත නොවීය.
ක්ෂේත්‍ර නිලධාරියාගේ හැසිරීම නොරිස්සූ කාන්තාවන් ඔහු වටකරගෙන ටොකු ඇනීමට හා පහර දීමට පටන් ගත් නිසා සාදයේ සිටි පිරිස විසිල් ගසමින් උසුලු විසුලු කිරීමත් සමග සාදය එකම කාලගෝට්ටියක් බවට පත්ව තිබේ.
අඩක් ගැලවී ගිය කලිසම ඔසවමින් නැගීසිටි නිලධාරියා එතැනින් ඉවත් කිරීමට නිවෙස් හිමියා කටයුතු කළ අතර වෙරිමරගාතය වැඩිකමට සිය දියණිය සහ බිරිඳ ද මගුල් ගෙදර දමා ගෙදර ගොස් තිබුණි.
බිරිඳ සහ දියණිය කුලී රියකින් නිවසට ගොස් ඇති අතර පසුදින වන විට සිද්ධිය ගමපුරා පැතිරී ගොස් තිබූ අතර සති දෙකක් තුනක් යනතෙක් අසනීප බව පවසා ඔහු නිවසින් බැහැර නොගිය අතර බිරිඳ සහ දියණිය විසින් පියාට සාදවලට යාම සපුරාම තහනම් කර ඇතැයිද පැවසේ.
හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන