කෑගල්ල දිස්ත්‍රික්කයේ කුලියට පොල් කඩන පුද්ගලයෙකුට වූ අකරතැබ්බයකි මේ. ගම් ප්‍රදේශය තුළ කුලියට පොල් කඩන්නන්ගේ හිඟයක් පවතී. ඒ නිසාම ඔවුන්ට වැඩි ඉල්ලුමක් හා සැලකීමක් දැක්වීමට සමහරු පෙළඹෙති. එම සැලකිලි නිසාම මේ පුද්ගලයා ගෙන් ගෙට ගොස් පොල් කඩන්න ඇති දැයි නිතර විමසා සමහර විට තේ කෝප්පයක් ද බී ආපසු යයි.
අවුරුදු 55ක් පමණ වයසැති මේ පුද්ගලයා දිනක් එක්තරා නිවෙසකට ගොඩවැදී පොල් කඩන්නට ඇත්දැයි විමසීය. ඒ අවස්ථාවේ නිවසේ රැදී සිටියේ නිවසේ පදිංචි සුරූපී විවාහක තරුණියකි. පොල් කඩන්නා “ මැණිකේ, කෝ ලොකු මැණිකේ” යනුවෙන් කාන්තාවගෙන් නැන්දනිය ගැන විමසීය. එහිදී ඇය “අම්මා බේත් ගේන්න ගියා” යනුවෙන් පිළිතුරු දුන්නාය. දරුවන් ගැන ද විමසීය. ඔවුන් ද පංති ගිය බව පැවසූ අතර පොල් කඩන්නා “ෂා අද නියම දවසක්නෙ” යයි එකපාරටම කිව්වේය. “ඇයි එහෙම කියන්නේ” කාන්තාව විමසුවේය. එවිට අයුතු ඉල්ලීමක් කරමින් කාන්තාවගේ අත ස්පර්ශ කළ අතර යක්ෂාවේශ වූ කාන්තාව ගෙට දිව ගොස් කොස්ස රැගෙන ආවාය.
එවිට දිව යමින් සිටි පොල් කඩන්නාට කොස්සෙන් පහර කිහිපයක් දී රැකියාවට ගොස් සිටි ඇගේ සැමියාට ද දුරකතනයෙන් මේ බව දැන්වීය. පසුව සැමියා සමඟ පොලිසියට පැමිණ සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් කර තිබෙන අතර සැකකරු පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ යටියන්තොට පොලිසියේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළේය.
(යටියන්තොට - සමන් එස්. රත්නායක)

