කුරක්කන් ගුලියයි තුනපහ ගුලියයි පටලැවී ජංජාලයක්


බලංගොඩ වයි.ඵ්.ඵස්. වීරවංශ
මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි. නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට කුරක්කන් තලප සූදානම් කර තිබිණි. නිවසේ සිටින්නේ වයෝවෘද්ධ අඹුසැමි යුවළ පමණි.
රාත්‍රියේ මෙම යුවළ කුරක්කන් ගුලිය බැගින් ආහාරයට ගෙන තිබුණු අතර, එක් කුරක්කන් ගුලියක් ඉතිරි වී තිබිණි. එය මැටි කෝප්පයකින් වසා තැබූ ගෘහණිය කියා සිටියේ හෙට එය ආහාරයට ගත හැකි බවයි.
පසුදා ස්වාමිපුරුෂයා කුඹුරේ වැඩට ගියේය. දහවල් වනවිට කුසගිනි දැනුණු නිසා නිවසට පැමිණියේය. මැටි කෝප්පය දෙස බැලූ ඔහුට දැක ගත හැකි වූයේ ඊයේ රාත්‍රියේ සැකසු කුරක්කන් ගුලියේ ඉතිරිය තවමත් මැටි කෝප්පයේ ඇති බවයි. මේක දැන් නරක් වෙලා ඇති කියා සිතමින් නිවස අසල කුණු වළට කුරක්කන් ගුලිය විසි කළේය.


මේ අවස්ථාවේ සිය බිරිඳ කිසියම් කටයුත්තකට නිවසින් බැහැරව ගොස් තිබුණි. ටික වෙලාවකින් බිරිඳ නිවසට පැමිණියාය.
ඇය නිවසට පැමිණියේ ගැට පොළොස් ගෙඩි දෙකක් අතැතිවය. හෙට පංසලේ දානෙට හොඳට පොළොස් මාලු‍වක් (වෑංජනයක්) උයන්න ඕනි ඇය සිය ස්වාමිපුරුෂයාට කීවේය.
ලු‍ණු ඇඹුල් ඇතිව හොඳට හදන්න ඕනි නිසා මම මිරිස් තුන පහ ටික වෙලාසනින් අඹරලා මැටි කෝප්පෙන් වහලා තියලා ගියා ඇය කීවාය.
ගෘහ හිමියාට ඉහමොළ රත් විය දෙවියෝ සාක්කි මම විසි කරලා තියෙන්නේ මිරිස් තුනපහ ගුලිය .
මම ඵ්ක ඊයේ රෑ හදපු කුරක්කන් ගුලිය වෙන්න ඇති කියලා විසිකළා...සිය බිරිඳට කීවේය.
මල හත්තිලව්වෙ මනුස්සයෝ මම දැන් ගැට පොළොස් මාලු‍වට (වෑංජනයට) දාන්නේ මොනවද? කියා ගැට පොළොස් ගෙඩි දෙක පොළොවේ ගැසුවාය.
ගෘහණිය උදෑසනම කුරක්කන් ගුලිය ආහාරයට ගෙන තිබිණි.