කුණු බිත්තරයකින් තරුණියකට 5000ක්


 පාරේ ගමන් කරමින් තිබූ වෑන්රථයකින් පිටතට යමක් විසිකළ අයකුට රුපියල් පන්දහසක අලාභයක් ගෙවීමට සිදුවීමේ පුවතක් දිවුලපිටියට නුදුරු ගමකින් අසන්නට ලැබේ. මෙම වෑන්රථයේ ගමන් කරමින් සිටි අයකු දිවුලපිටියට නුදුරු පාළු පෙදෙසකදී වෑන් රථයෙන් පිටතට යමක් වීසි කරනවා පාරේ යන තරුණියක දැක ඇත. ඇය අසල්වාසීනට මේ බව දන්වා වෑන්රථයේ අංකය ද පොලිසියට දැන්විය. පොලිසිය පණිවුඩ යවා වෑන්රථය අල්ලා ගත්තේය. එහි රියැදුරා කීවේ තමා නෑගෙදරක ගොස් එද්දී එම ගෙදරින් දුන් බිත්තර පාර්සලයක තිබී බිඳුණු බිත්තරයක් පිටතට විසිකළ බවකි. තරුණිය කීවේ එය වැදීමෙන් තම ඇඳුම් අපිරිසුදුවී සේවයට යාමට නොහැකිවී පාඩුවක් වූ බවකි. එහිදී වෑන් රථ රියැදුරා තරුණියට නඩු මගට නොයන ලෙස දන්වා ඇයට රුපියල් පන්දහසක අලාභයක් ගෙවීමට කැමැති විය. තරුණිය ද එයට කැමැති වූවාය.

(දූනගහ - බටේපොල විජයසිරි)