කුඩු අරන් කොට්ටා පොර තරගයට ආ මිතුරෝ දෙදෙනා පොලිස් කූඩුවේ


(තිහගොඩ උපසේන ලියනගම)
අවුරුදු උත්සවයකදී කොට්ටාපොර තරගයට ගිය තරුණයකු තම උඩ සාක්කුවේ තිබූ මුදල් ඇතුළු බඩු භාණ්ඩ මිතුරකු අතට දී අට්ටාලයට නැග්ගේය. දුන් බඩු අතර ගිනිපෙට්ටියක්ද විය.


අවුරුදු උත්සවයේ ආරක්ෂක කටයුතුවලට පැමිණ සිටි පොලිස් නිලධාරියකුට දුම්වැටියක් දල්වා ගැනීමේ අවශ්‍යතාව ඇතිව ඔහුගෙන් ගිනිපෙට්ටිය ඉල්ලාගත්තේය. ඔහු එය රැුගෙන පසෙකට ගියේ අප‍්‍රසිද්ධියේ දුම්පානය කරන්නටය.


එහෙත් ක්ෂණිකව ආපසු ආ පොලිස් නිලධාරියා ගිනිපෙට්ටිය දුන් තරුණයාත් එය අයිති තරගකරුවාත් අල්ලාගෙන පසෙකට ගෙන ගියේ හැම දෙනාම මවිතයට පත් කරමිනි.


ගිනිපෙට්ටියේ ඇතුළත තිබී ඇත්තේ ගිනිකූරු නොව මත්කුඩු පැකට් කීපයකි. තරගකරු මේ පිළිබඳව නිදහසට නොයෙකුත් කරුණු කීමට උත්සාහ ගත්තත් පොලිස් නිලධාරියා ඒවා පිළිගත්තේ නැතිලූ.


බස්නාහිර පළාතේ අවුරුදු උත්සවයකදී සිදුවූවකි.