ඇය විශ්‍රාමික රජයේ නිලධාරිනියකි. සිකුරාදා දහවල් නගරයට පැමිණියේ නිවෙසට අවශ්‍ය කළමනා ටිකක් ගෙන යාමටය. කඩ සාප්පු කිහිපයකට ගොස් අවශ්‍ය දේවල් ලබා ගත් ඇයට තවත් ගෙන ඒමට දෙයක් තිබේ දැයි විමසීමට නිවෙසට දුරකතන ඇමැතුමක් ගැනීමට අවශ්‍ය විය. ඇය අත් බෑගයට අත දමා ජංගම දුරකතනය සෙව්වාය. එහෙත් බෑගය තුළ දුරකතනය නොවීය.
උදෑසන පුතාට ඇමැතුමක් ගත් පසු එය මේසය මත තබා එන්නට ඇතැයි ඇය සිතුවාය. ඇය බඩු මල්ලත් ඔසවා ගෙනම අසල තිබූ දුරකතන මධ්‍යස්ථානයකට ගියේ නිවෙසට ඇමතුමක් ගැනීමටය. “මිස් ඉක්මනට කොල් එක ගන්න මම පල්ලියට යන්නයි හදන්නේ.” දුරකතන මධ්‍යස්ථානයේ සේවකයා කීය. හරි හරි කියූ ඇය පැත්තක තිබූ දුරකතන කුටියට ගොස් දොර වසා ගත්තාය. නිවෙසට ඇමතුම ගත්තත් පිළිතුරු ප්‍රමාදය. එනිසා ඇය කිහිප වරක්ම නිවසේ අංක කැරකුවාය. විනාඩි කිහිපයක්ම ඇමතුමක් ගන්නට ගත් උත්සාහය අසාර්ථක වූ නිසා ඇය කුටියෙන් එළියට ආවාය. ඇයට හීන් දාඩිය දැම්මේය. සේවකයා දොර වසා ගොස්ය. දැන් ඉතින් එළියට යාමට නම් ඔහු පල්ලියට ගොස් එනතුරු ඇතුළට වී සිටිය යුතුය.
සමහර විට එදින නාවොත් පසුදින වනතුරුම සිටිය යුතුය. එවිට නිවසේ අය තමා අතුරුදන් වී ඇති බවට පොලිසියට ද දන්වනු ඇත. වෙළෙඳ සල තුළ එතෙක් කුස ගින්නේ සිටීමට ද සිදුවේ. ඇයගේ සිතට දහසක් සිතුවිලි ගලා ආවාය. ඇය යළිත් වරක් කුටියට ගොස් ඇමතුමක් ගන්නට උත්සාහ කළාය. එම උත්සාහය ද අසාර්ථක විය. වාසනාව උදාවිය දුරකතනය බෑගය පතුලේ තිබුණේය. නිවසට කිහිප වරක්ම ගත්තත් පිළිතුරක් නොවූ නිසා අවසානයේ පොලිසියට සිද්ධිය කීවාය. පොලිසිය වෙළෙඳ සල හිමිකරු සොයා ගියේය. පල්ලිය අසලට යන විටම ත්‍රීරෝද රථ රියැදුරු යාඥා අවසන් කර එමින් සිටි වෙළඳ සල් හිමිකරු හඳුනා ගත්තේය. ඔහු ත්‍රීරෝද රථයේම පැමිණ වහා වෙළෙඳ සල විවෘත කළේය. දාඩිය පෙරාගෙන සිටි ඇයගෙන් ඔහු සමාව ඉල්ලා වැඳ වැටෙන්නට විය. අවසානයේ ඔහු විසින්ම ඇය ත්‍රීරෝද රථයක නංවාගෙන ගෙදරටම එක්ක ගියේය.
(උණවටුන - ඩී.ජී. සුගතපාල)

