(තිහගොඩ උපසේන ලියනගම)
අගනුවර ආසන්නයේ වූ මංගල්‍ය උත්සවයකි. එහි ගිය මනාලයාගේ හිතවතකු මනාල යුවළට වටිනා ත්‍යාගයක් පිරිනැමූ අතර මනාලයාට වෙනම පාර්සලයක් පිළිගැන්වීය. එහි වූයේ සරමකි.
මේ මනාලයා සිය ජීවිත කාලය තුළ කවදාවත් සරමක් ඇඳ තිබුණේ නැත. ගමන් බිමන්වලදී දිගු කලිසමත් නිවසේදී කොට කලිසමත් ඇඳි ඔහු රාත‍්‍රියේ පවා කොට කලිසම ඇඳ නිදා ගත්තේය.
මේ බව දත් හිතවතා විවාහයෙන් පසුව ඔහුට සරමක අවශ්‍යතාවක් ඇතැයි සිතා විහිළුවට මෙන් සරමක වාසි ගැන කියැවෙන වගන්ති කීපයක්ද ලියා එය සරමත් සමග ඔහුට තෑගි කළේය.
සිය මනාලිය සමග තෑගි පිරික්සීමේදී මේ සරමත් එහි වාසි දැක්වෙන වගන්ති කීපයක් දුටු ඔහු එය මනාලියගෙන් වසන් කිරීමට උත්සාහ ගත්තද ඇය ක්‍ෂණිකව එය උදුරා ගත්තාය.
සරම් ඇඳීමේ වාසි පිළිබඳව එහි ලියා තිබූ ඇතැම් කරුණු කියවූ ඇය ”ඊයා” කියමින් එය ඔහුගේ මුහුණට දමා ගැසුවාලූ.

