නිලධාරියකු ස්ථාන මාරුවක් ලැබ යන විට ඒ කාර්යාලයේ තවත් නිලධාරි පිරිසක් විසින් රථ පෙරහරකින් මනාලියක කැන්දාගෙන යන ආකාරයට කැන්දා ගොස් බාර දීමේ අලුත්ම සෙල්ලමක් දකුණු පළාතේ ප්‍රාදේශීය පරිපාලන කටයුතු කරන රජයේ ප්‍රධාන කාර්යාල දෙකකින් වාර්තා වේ.
කාර්යාල දෙකක ප්‍රධාන නිලධාරියාගේ සහයක නිලධාරීනි දෙදෙනකුට මෙසේ ස්ථාන මාරුවක් ලැබිණි. නිලධාරියකු මාරුවීම ලැබ යන විට එම කාර්යාලයෙන්ම සමුදීමේ පාටියක් ලබාදීම සිරිතකි. එහෙත් මෙම කාර්යාලයේ නිලධාරි පිරිස ස්ථාන මාරුව ලැබ යන කාර්යාලයේ නිලධාරීන්ට කතා කොට එතැනත් පාටියක් සෙට් කිරීමට කටයුතු කර තිබේ.
‘මචං.. අපේ දෙවැනියා උඹලගේ ඔපිස් එකට ට්‍රාන්සර් එකක් ලැබිල අසවල් දවසට එනවා. අපි කට්ටියක්ම ලොක්ක කැන්දගෙන ඇවිත් එදාට එනවා. මේක මචං දෙදහස් විසි තුනේ අලුත් වැඩක්. උඹල පුංචි තේ පාටියක් සෙට් කළාම ඇති. අපි විසි පහක් තිහක් විතර එනවා. උඹලාගේ දෙවැනියා නොවැ අපේ ඔෆිස් එකට එන්නේ. එයා එනවිටත් අපි මෙහි ග්‍රෑන්ඩ් පාටියක් සෙට් කරන්නම්. උඹලත් ඒ වගේ ඊට පස්සෙන්ද වරෙල්ලා. එහෙනම් හරි නේ...’
නිලධාරියකු පාටිය සෙට් කළේ අනෙක් කාර්යාලයේ නිලධාරීන්ද දිරිගන්වමිනි.
‘‘ඒ නියමයි මචං වැඩේ. අපි ඔෆිස් එකේ උඹල පිළිගන්න සෙට් කරන්නම්. අපිත් ඊට පස්සෙන්ද අපේ ලොක්කත් අරගෙන ඒ විදියටම එන්නම්...’’
අනෙක් කාර්යාලයෙනුත් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි.
නියමිත දින අදාළ නිලධාරියා රථ පෙරහරකින් කැන්දාගෙන ගොස් බාර දුන්නේ මනාලියක බාර දෙන ආකාරයටය.
පසුවදාට අනෙක් නිලධාරියාද කැන්දාගෙන ආවේ ඊට නොදැවෙනි ආකාරයටය. නිලධාරියා බාර දී ආපසු එන විට මධුවිත තොල ගාමින් පැමිණීමටද අමතක කළේ නැත.
මේ නිසා කාර්යාල දෙකේම එම දින දෙකේ කිසිදු රාජකාරියක් නොවූ අතර සේවා ලබාගැනීමට පැමිණි ජනතාවට රස්තියාදු වීමට සිදු වූ නිසා එම නිලධාරීන්ට බැන බැන යන අයුරු දක්නට ලැබුණි.
බළපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා