කාන්තාවන් ළිඳ ළඟ නාන අයුරු බලා සිටීමට ඇබ්බැහි වී සිටි බව කියන විවාහක තරුණයකුට මවක හා දියණියක එක්වී රෙදි සේ¥ කුණු වතුර ප‍්‍රහාරයක් එල්ල කිරීමේ පුවතක් බෙන්තර ගඟ අසබඩ ගම්මානයකින් අසන්නට ලැබිණි.
තමන් ගෙවත්තේ පිහිටි ළිඳෙන් නාන අවස්ථාවලදී අසල්වැසි නිවෙසේ සිටින තරුණයකු මායිම් වැටෙහි වූ මල් පඳුරුවලට මුවාවී තමන් දෙස බලා සිටිනු දුටුවේ යැයි දියණිය සිය මවට කීවාය.
සිය බිරිය ගෘහ සේවිකාවක ලෙස පිටරට රැකියාවකට යාම නිසා මව හා පියා සමඟ සිටින මෙම විවාහක තරුණයාගේ මෙම කි‍්‍රයාව සත්‍යයක් බව ද ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි මව හෙළි කර ගත්තාය. දිනක් දියණිය නාන අතරේ තරුණයා ද සුපුරුදු පරිදි මල් පඳුරු අතරින් එබිකම් කරන අයුරු දුටු මව හා දියණිය කිසිවක් කතා කර ගෙන කිලිටි රෙදි සේදීමෙන් පසු කුණු වතුර එකතුවී තිබූ බේසමක් හොඳ හැටි අල්ලාගෙන ඉහළට ඔසවා ගත්හ.
තරුණයා මල් පඳුරුවලට මුවා වෙමින් වැට අසලට තව තවත් ළං වෙනවාත් සමඟම දියණියත් මවත් කිසිවක් නොකියාම එම බේසමේ තිබූ කුණු වතුර මල් පඳුරු දෙසට වේගයෙන් ගැසූහ. මේ කුණු වතුර ප‍්‍රහාරයෙන් තරුණයා හොඳ හැටි නැහැවිණි.
තරුණයා සිටි තැනින් හෙමින් සීරුවේ මාරුවී සිය නිවෙස තුළටම ගියේය. එයින් පසු ඔහු සුපුරුදු දර්ශන නැරඹීමට ආවේ නැතිලූ.

