(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)
කොරෝනා වයිරසය ආසාදනය වී ඇත් දැයි පරීක්ෂා කිරීම සඳහා කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයේදී ගමේ කාන්තාවක ආසාදිත වී ඇති බව ආරංචි වී කලබලයට පත් වූ සැමියකු නිසා පවුලක් අවුල් නොවී අනූ නවයෙන් බේරීමේ පුවතක් කඳුරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
මේ දිනවල දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල මෙන්ම මැදරට ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශවලද කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීම සිදු වේ. මෙලෙස එක්තරා ගම්මානයක සිදු කරනු ලැබූ පී.සී.ආර්. පරික්ෂණ අනුව ගමේ කිහිප දෙනෙකුම ආසාදිත වී ඇති බවට තොරතුරු ලැබෙන්නට විය. කෙසේ නමුත් මේ ගැන කතා කරමින් සිටි ගමේ එක් නිවසක පුද්ගලයකු ගමේ එක්තරා කාන්තාවක ද ආසාදිත වී ඇති බව දැනගැනීමත් සමග කලබල වනු දුටු ඔහුගේ බිරිය සැමියා සමග ආරවුලක් ඇති කර ගත්තේ වෙනත් අදහසක් සිතේ ඇති කර ගෙනයි. කොහොම වුණත් මෙම සිද්ධිය නිසා සැමියා සහ බිරිය අතර නිතර ගැටුම් ඇති වෙන්නට වූයෙන් සැමියාට සත්‍යය හෙළි කරන්නට සිදු විය. ගමේ එම කාන්තාව ආසාදිත වී ඇති බව දැනගැනීමත් සමග තමා කලබල වීමට හේතුව බිරියගේ නෝක්කාඩුව මැදදීම අකමැත්තෙන් වුවද සැමියා පැහැදිලි කළේය. ‘‘ඔය ආසාදනය වෙලා ඉන්නවයි කියන කාන්තාවගේ සැමියා හොඳ යාළුවෙක් කියලා ඔයා දන්නවනේ. පසුගිය දින කිහිපයක්ම මම වැඩ කළේ එයත් එක්ක. ඒ නිසයි මම කලබල වුණේ’’ යැයි කීය.
එලෙස කීමත් සමග බිරියගේ නෝක්කාඩුව අඩු වී ගියේය.