කත රවටා ගත් රු. 1000 න් 500 ක් සාක්කුවේ


රැකියාවක නියුතු ඔහු විවාහකයෙකි. ඔහුගේ එක් විනෝදාංශයක් වූයේ කාන්තාවන්ට දුරකථනයෙන් ඇමැතීමයි. දිනක් ඔහු දුම්රිය මැදිරියක ලියා තිබූ දුරකථන අංකයකට ඇමැතීය. ‘‘කොහෙන්ද ඔයාට මේ නොම්මරේ”. කාන්තාවක් එහා කොනෙන් ඇසුවාය. ‘‘මේකෙන් ‘මිස් කෝල්’ එකක් තිබුණා. ඔහු පැවසීය.
කෙසේ හෝ දෙදෙනා අතර සම්බන්ධතාවක් ගොඩ නැගිණි. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් බවත් සැමියා අතහැර ගොස් ඇති බවත් රැකියාවක් කරන බවත් ඔහු හෙළි කර ගත්තේය. දින කිහිපයකින් ඔහු හෝටලයකට ගොස් කතා කිරීමට ඇයව එකඟ කර ගත්තේය.
‘‘මේ දවස්වල මගේ අතේ සල්ලිත් නැහැ. ඔයාට පුළුවන්ද කාමර කුලිය රුපියල් දාහක් අරන් එන්න. මම පඩි අරන් ඔයාට ඒක දෙන්නම්.” ඇය කැමැති වූවාය. තම සුපුරුදු හෝටලයට ගොස් පැය කිහිපයක් එහි ගත කර ඇයගෙන් රුපියල් දාහක් ලබාගෙන එළියට වී සිටින ලෙස ඇයට පැවසුවේ හෝටලයේ සේවකයන් ඇය දකීවි යැයි පවසමිනි. ඔහු කාමර කුලිය වශයෙන් රුපියල් පන්සීයක් ගෙවා ඉතිරි මුදල තම සාක්කුවට දමා ගත්තේය.
ටික වේලාවකින් කාන්තාව ඇමතුමක් දෙමින් ‘‘ඔයා කොහෙද? පරෙස්සමෙන් යන්න’’ යැයි කීවාය.