කණේ අමාරුවට බලෙන් දත ගලවාගෙන


කාන්තාවකගේ කන තදින් රිදුම් දෙන්නට වූයෙන් ඇය මේ සම්බන්ධව යෙහෙළියකගෙන් විමසුවාය. දතේ අමාරුවටත් කන රිදෙනවා. ඇය පැවැසුවාය. කාන්තාව බැරිම තැන රජයේ රෝහලට ගොස් දන්ත වෛද්‍යවරයෙකු හමුවූවාය. ඩොක්ටර් මගේ කන රිදෙනවා. දතේ අමාරුවට වෙන්නැති ඇය පැවැසුවාය.


දැන් ඔයාද ඩොක්ටර් මමද ඩොක්ටර් වෛද්‍යවරයා විමසීය. වේදනාවෙන් සිනහවූ කාන්තාව වෙන කව්ද ඔයා තමයි ඩොක්ටර් යැයි පැවසුවාය. ප්‍රථමයෙන් දත් පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔයාගේ දත් ඔක්කොම හොඳයිනේ. යනුවෙන් පැවැසීය.


දතක් නම් රිදෙනවා. ඇය නිකමට මෙන් පැවැසුවාය. 


උපකරණයකින් සෑම දතකටම තට්ටු කරමින් වෛද්‍යවරයා රිදෙනවා දැයි විමසූ අතර එක් දතකට තට්ටු කළ විට කාන්තාව ඒක නම් රිදෙනවා යැයි බොරුවට කීවාය. මේක පණුවො කාලා නැති හොඳ දතක්නේ. මොකට ගලවනවාදැයි වෛද්‍යවරයා පැවසූ විට රිදෙන නිසානේ ගලවන්න කියන්නේ යනුවෙන් ඇය පැවැසුවේ මිතුරියගේ වදන් සිහියට නගමිනි. 


වෛද්‍යවරයා දත ගලවා දමා තුවාලය සුවවීමට බෙහෙත් ලබාදීමටද කටයුතු කළේය. 


ටික දිනකින් නැවතත් කන රිදෙන්නට වූයෙන් අනේ උඹ නිසා මාත් කර ගත්තු මෝඩ වැඬේ යැයි යෙහෙළියට පැවසූ කාන්තාව නැවත රෝහලට ගොස් කන සම්බන්ධ වෛද්‍යවරයෙක් හමුවූවාය. 
ක්‍රිස්ටෝපර් සීපියන් 
අනුරාධපුරය.