කඩෙන් කන්න ගිහින් පාඩමක් ඉගෙනගෙන


රියැදුරකු දුර ගමනක් ගොස් නිවෙස බලා එමින් සිටියදී අතර මගදී ගත් බත් පාර්සලය නිවසේදී දිග හරිද්දී කොත්තු රොටියක් වී තිබෙනු දැක මවිතයට පත්වීමේ සිද්ධියක්ද අසන්නට ලැබුණි.

පවුලේ අවශ්‍යතාවක් සඳහා මොහු දුර ප්‍රදේශයකට තම වාහනයෙන් ගොස් එන අතරමගදී බිරිය කතාකර ප්‍රයිඞ්රයිස් පාර්සලයක් ගෙන එන ලෙස කියා ඇත. ඒ අනුව පාර අයිනේ තිබූ තැනකින් ඔහු ඉහළ මිළකට බත් පාර්සලයක් ලබාගෙන තිබේ. දැකුම්කළු පෙට්ටියක දමා දුන් බත් පාර්සලය ගෙදර අය ඉදිරියේ කෑමට දිග හරිද්දී ඒ තුල කොත්තු රොටියක් තිබෙනු දැක කෝපයට පත්වූ ඔහු එහි තිබූ දුරකථන අංකයට සිදුවූ වැරැද්ද කියා ඇත. අනෙක් කෙලවරින් කතා කළ හෝටල් සේවකයා අනේ මහත්තයෝ වැරදීමකින් වෙච්ච වැඩක්. තරහ නැතිව ආපසු ගේන්න අලුත් බත් පාර්සල් දෙන්නම් යැයි කියූ විට මම දැන් ඉන්නේ හැතැප්ම දහයක් විතර ඈත. ආපසු එන්න යන වියදමට බත් පාර්ස් දහයක් ගන්න පුළුවන්. මේ වගේ වැඩ මීට පස්සේ කරන්න එපා කියා නිහඬ වී ඇත. කඩෙන් කන්න පුරුදු වුණාට මේකත් හොඳ දඬුවමක්ද කියා පසුව කොත්තු රොටිය කෑමට ගෙන තිබේ.